නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් කථානායක සහතික කරයි

    නොවැම්බර් 20, 2023

    පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය (17) සිය සහතිකය සටහන් කළේය.

    ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සහතිකය සටහන් කොට තිබේ.

    ඒ අනුව 2023 අංක 27 දරන ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත, 2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත, 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත සහ 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත (17 දිනා සිට බලාත්මක වේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya