අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, (17 දින) හෙද සේවාව සදහා නවක හෙද හෙදියන් 2519 සෞඛ්‍ය සේවාවට ඇතුළත් කර ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයේදී අදහස් දක්වමින්ය . මෙම පත්වීම් ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි .
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ආර්ථිකමය අපහසු කාලසීමාවක මෙරට රාජ්‍ය සේවයට එක්වරෙක අතිවිශාලම පිරිසක් බදවා ගැනෙන මෙම අවස්ථාව විශේෂ සනිටුහනක් ලෙස ගෙනහැර දැක්විය හැකි බවත් මෙරට නිදහසින් පසු පැවැති රජයන් සියල්ල විශේෂ ක්ෂේත්‍ර දෙකක් වන නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබෙන බවත් ඒනිසාවෙන් නිදහස් ශ්‍රී ලංකාවේ ජිවත්වන පුරවැසියන් වන අපේ නිදහස් කිරීටයේ අග්‍රමාණික්‍ය දෙක ලෙස නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් සැලකිය හැකි බවය.
1948 වර්ෂයේදී ලියාපදිංචි වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍යවරුන් 400 කගෙන් පමණ ආරම්භ වූ හෙද නිලධාන් 300 ක් පමණ සිටි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වසර 75 ක් වන විට හෙද නිලධාරි මහත්ම මහත්මින් 43000 ක්, වෛද්‍ය නිලධාරින් 23,000 කුත් පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා තවත් 8,000 ඇතූලු පිරිසක් ඇතුලු ලක්ෂයකට අධික පිරිසකගෙන් යුක්ත විශිෂ්ට සේවා සපයන වෘත්තීය සේවාවක් බවට පත්වෙලා තිබෙන බවත් එහි පරිණාමයත් සමග අද ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු පිරිවැයකින් ලෝකයේ විශිෂ්ට ගුණාත්මකම සෞඛ්‍ය සේවාවක් සපයන මධ්‍යස්ථානයක් ලෙස නිතර හදුන්වාදෙන අවකාශයක් පරිසරයක් බිහිවි තිබෙන බවද එහි ගරුත්වය ඒ් වෙනෙුවෙන් කැපකිරිම් සිදු කළ මෙරට වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවාවේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සහායකින් ඇතුලු සෑම කෙනෙකුටම හිමි විය යුතු බවද ඒ ගරුත්වය අභිමානය අතිවිශිෂ්ට බවද අවධාරනය කළේ ය. .
එමෙන්ම මෙරට මාතෘ මරණ, ළදරු මරණ ඉතා අඩු මට්ටමට පත්ව තිබෙන බවත් එන්නත් මගින් වළක්වා ගත හැකි රෝග මට්ටමින් අපි ලෝකයේ ඉදිරියටම පැමිණ තිබෙන බවද අපේ රෝග කළමණාකරණය හා ඒ හා බැදුනු ජිවිත ආයු අපේක්ෂාව ලෝකයේ දියුණු රටවල මට්ටමට පත්ව තිබෙන බවද මෑත උදාහරණය නම් කොවිඩ් අර්බුදයේ දී මෙරට සෞඛ්‍ය සේවකයින් කළ අප්‍රමාණ කැපකිරිම, එම කැපකිරිම හරහා ලෝකයේ අනෙකුත් දියුණු රටවල් වන ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය හා සාපේක්ෂව අපේ මරණ ප්‍රමාණය ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට අඩු මට්ටමක පැවැති බවද කීය.
අද මෙම පත්වීම් ලබාදීමෙන් රටේ සෞඛ්‍ය සේවාවට 2,519 ක් වශයෙන් එකතු වෙන බවත් ආර්ථිකමය වශයෙන් අපහසු කාලයක මෙම අවස්ථාව අප හට ලබාදීම පිළිබදව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, අග්‍රාමාත්‍යවරයාට, මගේ පූර්වගාමි අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන්ට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ටත් විශේෂ මැදිහත්විමක් සිදු කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේට වාගේම ජනාධිපති වෘත්තීය සමිති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඇතුලු සෑම සියළු දෙනාටම ස්තූතියක් පළ කළේ ය.
2018 සිසු හෙද කණ්ඩායම යටතේ 2020.01.26 දින ආරම්භ කල තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු හට පත්වීම් ලබාදුනි.
ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල හා පලාත් සභාව යටතේ පාලනය වන රෝහල් වල පවතින පුරප්පාඩු සලකා බලා මෙම නවක හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය. 2023.11.22 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම පත්වීම් ලිපි ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා ඒක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, දේශීය වෛද්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්ම මහත්මින් ඇතුලුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, හෙද විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.