නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්ත

    ඔක්තෝබර් 31, 2023

    වෙනත් ප්‍රාග්ධන වියදම් කපා හැර හෝ ඉදිරි අය වැය මගින් රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් වැඩි වීමක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    ඉදිරි අය වැය මගින් රාජ්‍ය සේවක වැටුප් හා පෞද්ගලික අංශයේ වැටුප් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර තිබේ

    ඊයේ කැබිනට් මණ්ඩලය අතර මේ පිළිබඳ විශාල සංවාදයක් ඇති වුණා. පසුගිය වර්ෂයේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන තත්වය පිළිබඳ අපි සාකච්ඡා කළා. අපි දන්න සියළුම ක්‍රම වේද භාවිතා කරලත් 2022 වර්ෂයේ එකතු වූ බදු ආදායම වන්නේ රුපියල් බිලියන 1751යි. 2022 වර්ෂයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වූ මුළු වියදම රුපියල් බිලියන 1265යි. සමෘද්ධිය සහ අනෙක් සහනාධාර සඳහා රුපියල් බිලියන 506යි. රුපියල් බිලියන 1771 ක් වියදම් ගෙවීමට සිදුව තිබෙනවා. මෙම වියදම් වර්ග දෙකම එකතු වුවත් දරන්න පුළුවන් වියදම් දෙකයි. මීට අමතරව රාජ්‍ය ණය සඳහා පොළිය ගෙවා තිබෙනවා.

    කවර මුදල් අමාත්‍යවරයෙකුට වුවත් අය හා වැය පිළිබඳ තිබෙන බරපතල අර්බුදය තුළ ඉතිහාසය පුරාම මෙම තත්වය පියෝගන තිබෙන්නේ ණය ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන්. නමුත් වර්තමානයේ විදේශ ණය ගන්න බැහැ. ඉස්සර වගේ නව මහ බැංකු පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව මුදල් අච්චු ගහන්න බැහැ.

    වැටුප් වැඩිකිරීමට නම් භාණ්ඩාගාරයට අතිරේකව මුදල් සොය ගත යුතුයි. මුදල් සොයා ගත යුත්තේ තිබෙන බදු වැඩි කිරීමෙන් හෝ රාජ්‍ය දේපළ විකුණා අය වැයට එක් කිරීමෙන්. මෙම හැම ක්‍රියාමාර්ගයක්ම ජනතාවට පීඩාකාරී වෙනවා. නමුත් වැඩි කරන එකට අවශ්‍ය මුදල් මහජනයාගෙන්ම අය කර ගැනීමට සිදු වෙනවා. වෙන විකල්පයක් රජයට නැහැ. මේ නිසා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට සිදු වෙනවා. රටේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට.

    ජනාධිපතිවරයා විදුලිය, ඟැස්, ඉන්ධන නැතිව විශාල පීඩනයක් තිබෙන අවස්ථාවක පසුගිය අය වැය ලේඛනය ඉදිරිපත් කලා. එහිදී ආර්ථිකය යම් කිසි තරමකට ගෙන ආවොත් ප්‍රථමයෙන්ම රාජ්‍ය සේවකයන්ට සහණයල් ලබා දෙන බවට ජනාධිපතිවරයා සඳහන් කළා. මෙම අවස්ථාවේ කිසි සේත් වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති වුවත් යම් කිසි අකාරයක වැටුප් වර්ධනයක් ලබා දෙනවා කියලා ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

     

    කිසි සේත් වැටුප් වැඩි වීමක් කරන්න තරම් සම්පත් ප්‍රමාණයක් නැහැ. එසේ තිබියදීත් ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා ස්ථිර ආදායම් ලබන රාජ්‍ය සේවකයන්ට යම් වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට

    ඒ සඳහා කැබිනට් මණ්ඩලය සම්පූර්ණ එකගතාව පල කර තිබෙනවා.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya