නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නිෂ්පාදනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථාන යෙන් සිදු කිරීමට තීරණයක්

    ඔක්තෝබර් 31, 2023

    ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානය මගින් සිදු කිරීමට තීරණය කර ඇත.

    මේ සම්බන්ධ සාකච්ඡාවක් පසුගියදා (28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නොරුව සේවා අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විනි.

    මෙරට තේ කර්මාන්තය තුළ ඇති තේ වගාවන් සඳහා අලුතින් වගා කිරීම, පාළු සිටුවීම ඇතුළු අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන පැළ ප්‍රමාණය මිලියන 20ක් වන අතර ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නොලැබීම තේ වගාවන්හි අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල කරන අතරම තේ වගාවේ නෙමටෝඩා හෙවත් වටපණු රෝගය ඉහළ යාමට ද බලපායි.

    ගුණාත්මකබවින් යුත් තේ පැළ ලබා නොදීම නිසා මේ වනවිට තවාන් 20ක බලපත් අහෝසි කර තිබේ. එමෙන්ම රුපියල් මිලියන 490ක සහානාධාර ලබා දීම මගින් තවත් තේ පැළ කිරීමේ තවාන් 200ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    එමනිසා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ පැළ නිපදවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

    මෙම කරුණු සළකා බලමින් තේ පැළ මිලියන 20ක් වාර්ෂිකව නිෂ්පාදනය කිරීම සඳහා වන වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන තිබේ.
    ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සපයනු ලබයි.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya