ඔහු මේ බව කියා සිටියේ, අද (30) මේ දිනවල පළමුන් අතර පැතිර යන රෝග සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.
මේ දින වල පැතිර යන අක්ෂි රෝගය සම්බන්ධව පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරයා එහිදී ඇස් රතු වීම, ඇස් බොඳ වීම, ඇස් වලින් කඳුලු ගැලීම, ඇස් වල වේදනාව වැනි රෝග ලක්ෂණයන් පවතින අතරම වෛරස් උණ රෝගයක්ද පැතිරෙන බව සඳහන් කළේය.
මෙය බොහෝ විට ඉහළ ශ්වසන මාර්ගයේ ශ්වසන රෝගයක් සමග ව්‍යාප්ත වන බවද මෙය ශ්වසන වෛරසයක් යැයිද, මෙහිදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම, හිසරදය වැනි රෝග ලක්ෂණ සමග උණ සහ ඇස් රතුවීමක් නිරීක්ෂණය වන බවද අවධාරණය කළේය.
ඇස් රතුවීම දින 4 – 5 කට වැඩියෙන් පවතින්නේනම් අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත් බව කියාසිටි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙය සාමාන්‍ය වෛරසයක් හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන බවද පැවසුවේය.
ඊට අමතරව ශ්වසන රෝග වල වැඩිවීමක් ඇතැයි පැවසූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෛරස් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව මෙන්ම ළමා හතියේ වැඩිවීමක්ද දක්නට ලැබෙන බව සඳහන් කළේය.
මෙහිදී හුස්ම ගැනීමේ අපහසුව, රාත්‍රිෙය් සහ පාන්දර කැස්ස ඇතිවීම වැනි රෝග ලක්ෂණ ඇතිවෙන බවද හතිය පවතින ළමුන්ගේ කැස්ස වැඩිවීමක් වන අතරම නව ඇදුම රෝගීන් වාර්තාවීමක් පවතින බවදපැවසුවේය.
මෙම සියලු රෝගී තත්ත්වයන් වර්ෂාවත් සමග හිස ඔසවන බව පැවසූ වෛද්‍යවරයා ඇතැම්විට වෛරස් උණ රෝග වලට පසුකාලීනව ළමා හතිය වැඩිවීමක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවද එහිදී නියුමෝනියා තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් බැක්ටීරියා වලට විරුද්ධව ප්‍රතිජීවක අවශ්‍ය වන බවද සඳහන් කළේය.
පසුගිය කාලයේ දරුවන් අතර පාචන රෝග ඉහළ ගිය බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සාමාන්‍යෙයන් දරුවෙකුට උණ පවතී නම් පැරසිටමෝල් මාත්‍රාව ලබාදී විවේකය ලබාදෙන ලෙස පැවසුවේය.එම දරුවන් පාසල්, පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට නොයවා විවේකීව නිවසේ රඳවා ගන්නා ලෙසද එසේ යැවීමෙන් අන් දරුවන්ට රෝග බෝවීමේ අවධානමක් ඇතැයිද පෙන්වා දුන්නේය.
දරුවන්ට දින 03කට වැඩියෙන් උණ පවතී නම් රුධිර පරීක්ෂාවක් කරගෙන රුධිර පට්ටිකා අඩුවීමක් සිදුවී ඇතිදැයි සොයාබලන ලෙසන ඉල්ලා සිටි වෛද්‍යවරයා මේ දිනවල ඩෙංගු පවතින බැවින් තමා අවට වටපිටාව පිරිසිදුව පවත්වාගැනීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.