නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිවරයාගේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකා - ඉරාන ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වුණා.- ඉරාන තානාපති

    සැප්තැම්බර් 21, 2023

    ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ අඛණ්ඩව සහයෝගය ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සිය කෘතඥතාව පළ කරන බව, ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් සිට සිය සේවා කාලය අවසන් කොට නික්ම යන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා පවසයි.

    කොවිඩ් වසංගතය සහ ගෝලීය ආර්ථික අර්බුදයේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී එවකට විදේශ අමාත්‍යවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍යවරයා ලබාදුන් සහයෝගය අගය කරන බව 18 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගෙන් සමුගත් තානාපතිවරයා සිහිපත් කළේය.

    දුෂ්කර සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතාට ස්තූතිය පුද කළේය.

    ශ්‍රී ලංකාවට සහය වීමට තානාපතිවරයා දරන විශේෂ ප්‍රයත්නය සහ ශ්‍රී ලංකාවේ යහපත සඳහා ඉරානය විසින් සිදු කරන ලද වැදගත් හවුල් ව්‍යාපාර අවසන් කිරීම සහතික කිරීම සඳහා නොපසුබටව කටයුතු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිවිය.

    අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් මෙම හමුවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya