මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

    ජූලි 05, 2023

     “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ කල් තැබීමේ විවාදය ජූලි 5 වැනිදා
     දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් ජූලි 6 වැනිදා

    පාර්ලිමේන්තුව අද සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසීය.

    2023.06.30 වන දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ පිළිබදව අවසන් වශයෙන් තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවාය.

    ජූලි 5 වැනි බදාදා අද පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 - 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. පෙ.ව 10.30 ට පමණ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා අටක් (08) විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව ඇත.

    අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.

    ජූලි 6 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළව කල් තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය.

    අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

    ජූලි 7 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ උදර්පණ පනත යටතේ නියමයක් විවාදයට ගන්නා බවද මහලේකම්වරිය පැවසීය.

    අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya