මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක්

    ජූනි 22, 2023

    ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හට විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් (21) ඉදිරිපත් කරන ලදි.

    එහිදී , දිගුකාලීන ද්‍රව ස්වභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා තුරු විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වභාවික වායු (LNG) මගින් ජනනය ආරම්භ කරමින් විදුලිබල උත්පාදන කිරීම මගින් වියදම අවම කර ගැනීම සිදු කල හැකි බව සාකච්ඡා විය.

    මෙම සාකච්ඡාවට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා , ඉන්දියනු මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ පෙට්‍රෝනෙට් LNG සමාගමේ නිළධාරින් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya