මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදයට ඇමැති මනුෂගෙන් ස්ථීර විසදුමක්

    ජූනි 21, 2023

    කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාදවීම නිසා ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටුලුවට ස්ථිර විසදුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ලබා දී තිබේ.

    ඒ අනුව, කොරියාව හා ලංකාව අතර කොරියානු ගුවන් සේවය විසින් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කොරියානු රජය සමග සාකච්ඡා කර තිබෙන බවත් තවත් මාස දෙකක් වැනි කාලයක් තුළදී කොරියානු රැකියා සදහා යන ශ්‍රමිකයින් කොරියානු ගුවන් සේවය හරහා සෘජුවම කොරියාවට යැවිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

    “කොරියනු ගුවන් ප්‍රමාදය වගේම අනෙක් ගුවන් යානා ප්‍රමාදයත් රැකියා සදහා ශ්‍රමිකයින් භාරගැනීමේදී ගැටලු ඇති වෙනවා. මීට පෙර මේ ආකාරයට කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ගුවන් යානය අවස්ථා තනකදී ප්‍රමාද වුනා. සමහර අවස්ථාවලදී ශ්‍රමිකයින් පිටත් කර යැවීමටත් නොහැකි වුනා. කොරියාවේදී අපේ ශ්‍රමිකයින් භාර ගන්නේ ඒ රටේ වේලාවෙන් උදෑසන අටත් නමයත් අතර කාලයේදී. ඒ වෙලාවෙන් පිට යනවා නම් භාරගැනීමට සූදානම් නෑ.

    ඊයේ දවසේදී මේ දරුවන් සියලුම බලාපොරොත්තු පොදි බැදගෙන ගුවන් තොටුපොලට යන්න සූදානම් වෙලා තිබුණේ. ඊයේ මේ යන්න සූදානම් වෙලා තිබුණේ කොරියාවට යන අටසිය වැනි කණ්ඩායමයි. අනෙක් කණ්ඩායම් ළගට නොගියත් අටසිය වැනි කණ්ඩායම ළගට ගිහින්, සුබපතලා, සියල්ල සූදානම් කරන විට ගුවන් යානා ප්‍රමාද වෙනවා.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ ආකාරයට දිගින් දිගටම ප්‍රමාද වෙන නිසා මෙයට විසදුමක් විදියට අපි කොරියානු රාජ්‍ය සමග සාකච්ඡා කරලා ඉදිරියට කොරියන් ගුවන් සේවය නැවත වරක් ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

    තවත් මාස දෙකක් වැනි කාලයක් ඇතුළතදී කොරියාව හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට තාවකාලිකව තව සුමාන දෙකක් තුළ සිංගප්පූරුව හරහා ශ්‍රමිකයින් යැවීමට කටයුතු කරනවා. සිංගප්පූරුව දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ගිහිල්ලා එතැන් සිට කොරියන් එයාර් ගුවන් යානයකින් කොරියාවට යැවීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ලංකාවේ සිට සිංගප්පූරුවට යන ගුවන් යානා ප්‍රමාද වුවත්, සිංගප්පූරුවේ සිට කොරියාව බලා ගුවන් ගමන් කිහිපයක් තිබෙන නිසා එය කළමනාකරණය කරගත හැකියි.

    තවත් මාසයකින් පමණ පසුව කොරියානු ගුවන් සේවය ආරම්භ කළ පසුව සෘජුව මෙම ශ්‍රමිකයින් කොරියන් ගුවන් සේවය හරහා කොරියාව බලා යැවීමට කටයුතු කරනවා. කොළඹ පිට කොරියාව බදා ගමන් ගන්නා ගුවන් යානය පවත්වාගෙන යන්නේම කොරියාව බලා යන ශ්‍රමිකයන් නිසා. නමුත් නිර්ලජ්ජිත ලෙස දිගින් දිගටම මෙම ගුවන් යානය ප්‍රමාද කරනවා. කොතරම් කිව්වත් ඒක බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ. කෙයිම ආකාරයකින්වත් කිසිම තැකීමක් කරන්නේ නෑ.” යනුවෙනි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya