මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුමේනියාවේ රැකියා සිහින පෙන්වු කඳානේ 55 හැවිරිදි කත අත්අඩංගුවට

    ජූනි 21, 2023

    මීට පෙරත් කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස්ව සිටි කාන්තාවකි.

    රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කඳාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිළධාරීන් විසින් 20 දින අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ කාන්තාව මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශය විසින් අත් අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහල කාන්තාවක් බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය විය.

    එහිදී මෙම සැකකාරිය වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් කාර්යංශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරි රවී අබේපාල මහතා විසින් කරන ලද විමර්ෂණයන්ට අනුව අත්අඩංගුවට ගන්නා ලද අතර, ( 20දින) සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

    විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya