මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවේ රැකියා වරම් හිමිවූ 800 වන කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

    ජූනි 21, 2023

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව අතර 2004 වසරේදී ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව, දකුණු කොරියාවේ රැකියා වරම් හිමිවූ 800 වන කණ්ඩායම ලෙස ධීවර ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 52 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

    එසේම දකුණු කොරියාවේ නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාව (Re-entry) සඳහා යන ශ්‍රි ලාංකිකයින් 80 දෙනෙකු ( 21 දින ) දිවයිනෙන් පිටත්ව පිටත්ව යාමට නියමිතය.

    2023 ජනවාරි මස 01 දා සිට 2023 ජූනි මස 20 දින දක්වා ශ්‍රි ලාංකිකයින් 3354 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

    ඉන් 2585 දෙනෙකු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය (Normal) පිරිස වන අතර, 769 දෙනෙකු නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය (Re-entry) පිරිස වේ.

    ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් යොමු වී ඇත්තේ දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 2804 කි. ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 397 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 36 දෙනෙකුද, කෘෂි කාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රි ලාංකිකයින් 2කු පිටත්ව ගොස් තිබේ.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග එක් සතියකට කණ්ඩායම් කිහිපයක් පිටත් කිරීම ආරම්භ කරන ලදී.

    අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හා දකුණු කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී 2023 වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 8000ක් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට එකගතාවය පළකර තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya