මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය විනය ශක්තිමත් කරමින් රාජ්‍ය මූල්‍ය සඳහා නිසි වගවීමක් ඇති කිරීම,අයවැය කාර්යාලය පනතින් බලාපොරොත්තු වෙනවා

    ජූනි 20, 2023

    මෙරට මූල්‍ය විනය ශක්තිමත් කරමින් රාජ්‍ය මූල්‍ය සඳහා නිසි වගවීමක් ඇති කිරීම, අයවැය කාර්යාලය පනතින් බලාපොරොත්තු වන බවත් ,මෙවැනි අනපනත් රටක් තුළ ක්‍රියාත්මක වීමෙන් රටවල් අර්බුද කරා යාම වැලැක්වෙන බව, වැඩ බලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම් පත දෙවැනි වර කියැවීමේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    රජය විසින් මෙරට ආර්ථික ක්‍රියාවලියේ විනිවිධභාවය තහවුුරු කිරීමට අනපනත් රාශියක් ගෙනත් තිබෙනවා. රජය විසින් මෙම අනපනත් අරගෙන එන්නේ මෙම ආර්ථික අර්බුදය ඇති වුණාට පසුවයි

    අපි රටක් විදියට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන් යළි ප්‍රකෘත්මත් වෙමින් ඉන්නේ. ආණ්ඩුව විනිවිද භාවය පෙන්වන්න අණ පනත් කිහිපයක් ගෙනෙමින් තිබෙනවා. මේ අණ පනත් අරගෙන එන්නේ අරබුදය අවසන් උනාට පස්සේ. මෙවැනි අණ පනත් රටක් තුළ ක්‍රියාත්මක උනානම් බොහෝ අවස්ථාවල එවැනි අර්බුදවලට ගමන් කිරීම සිදුවෙන්නේ නැහැ.මෙය නිසි ලෙස ක්‍රියාත්මක කළා නම් අපිට නිසි ලෙස ආයෝජන ලබා ගන්න තිබුණා. අයවැය කාර්යාලය තුළින් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මූල්‍ය විනය ශක්තිමත් කර ගැනීම සහ ඒ වගේම නිසි වගවීමක් ඇති කරගන්න. බොහෝ රටවල් වල මේ අයවැය කාර්යාලයක් ක්‍රියාත්මක උනත් අපේ රට අද තමයි එම පනත සම්මත කරන්න කටයුතු කරන්නේ. මේ කාර්යාලය දේශපලාන බලපෑකින් තොරව ස්වාධීනව කටයුතු කරන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා''යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya