මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාලය මගින් මූල්‍ය පාලනය ගැන පාර්ලිමේන්තුවට ඇති බලය තහවුරු වෙනවා - අග්‍රාමාත්‍ය  

    ජූනි 20, 2023
    මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය-වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
    ඔහු මේ බව කියා සිටියේ, 'පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාල පනත් කෙටුම්පත' දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී (20 දින ) එක්වෙමිනි. 
     
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය-වැය ගැඹුරින් විශ්ලේෂණය කිරීමටත්, එය හරිමග ගමන් ගන්නේද යන්න සොයා බැලීමටත්, ඇස්තමේන්තු පශ්චාත් පරීක්ෂණයකට භාජනය කිරීමටත්, සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාව පරික්ෂා කරගැනීමටත්, මෙම කෙටුම්පත නීතිගතවීමෙන් හැකියාව ලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය.
     
    අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද කීය:
     
    "ගරු කතානායකතුමනි, සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුවේ අයවැය පිළිබඳ කාර්යාංශය පිහිටුවීම ගැන, ඉතා විශේෂ අවස්ථාවකට පාර්ලිමේන්තුව කටයුතු කරන්න පුළුවන්කමට අපි පිවිසෙනවා. පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත අනුව, ඒ පිහිටුවීමේදී එය තුළින් කටයුතු සිදු කරන්න පුළුවන් වීමේදී, අයවැය පමණක් නොව, සාම්ප්‍රදායිකව අයවැය හා ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නමුත් එය ගැඹුරින් විශ්ලේෂණය කිරීමක් සඳහා වූ කටයුතුවලට මෙතෙක් අපට තිබුණු අවස්ථාවට වැඩි අවස්ථාවක් මේ පර්යේෂණ අංශ මගින් නිකුත් කරන ලද හා ඒ තොරතුරු ලබාගැනීමේ නිවැරදිතාව සඳහා වූ අවස්ථාවකට අප මේ කාර්යාංශය නීතිගත කිරීමෙන් පිවිසෙනවා.
     
    මම විශේෂයෙන් නීතිගත කිරීම කියන වචනය පාවිච්චි කළේ අයවැය කාර්යාලයක පිළිගත් මූලධර්ම සඳහා දීර්ඝ කාලයක ඉල්ලීම් අපේ පාර්ලිමේන්තුව තුළ සියලු පාර්ශවයන් හා මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබුවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන විවිධ ජාත්‍යන්තර ආයතන පවා මේ පිළිබඳව අදහස් පළ කරනු ලැබුවා, ඉතාම වැදගත් ලෙස අපට ප්‍රයෝජනයට ගැනීමට. ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ඒ මිත්‍රත්වයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු රාශියක මෙය, මේ වන විටත් ඇති කර තිබෙන ආයතනයක්. ඒ මගින් රටේ ආර්ථික ගමන් මාර්ගයේ සඳහා වූ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේදීත්,  ඉදිරිපත් කිරීමෙන් පසු අන්තර් කාලය තුළත්, හරි ගමන් මාර්ගයක යෙදී තිබෙනවාද කියන වැදගත්කමට මැදිහත් වන්නට ගරු මන්ත්‍රීතුමන්ලාට මේ කාර්යාංශය මගින් අවස්ථාවක් ලැබෙනවා. 
     
    නීතිමය වශයෙන් ඉතාම වැදගත් වන්නේ නීතිමය වශයෙන් යම් යම් සංඛ්‍යාලේඛන සැකයට හෝ පිළිගත නොහැකි තත්ත්වයකට පරිවර්තනය වීමේදී අපට ඉතා පැහැදිලිව එය නිවැරදි කර ගැනීම සඳහා වූ අවස්ථාවකට පත් වෙනවා. විශේෂයෙන් අපි දන්නවා සම්ප්‍රදායානුකූලව අපි මුහුණ දෙන මේ ආර්ථික හා මූල්‍ය අර්බුදය ඉතා උත්සන්න වී අපි පසුගිය දස මාසය තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවට, විශාල වගකීමක් ඉෂ්ට කරන අභියෝගයක් ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවත් සමඟ කටයුතු කරන්න පුළුවන්කම ඇතිවුණා.
     
     එහි එක ක්‍රියාත්මක නොකරපු පනතක් හැටියට තමයි The budget office comes into operation we adapted today sir. එය ඉතාම වැදගත්. මොකද අයවැය ඇස්තමේන්තු බොහෝ විට පශ්චාත් පරීක්ෂණ කරන්න පුළුවන්,  COPE  එකටයි COPA  එකටයි. එය පශ්චාත්. නමුත් අපට මේ කාල පරිච්ඡේදය තුළ දී ඒවායේ නිවැරදිතාවය යළි යළි සොයා බලන්නට අවස්ථාව ඉතාම වැදගත්. එසේ සොයා බැලීමෙන් පමණයි අයවැය ප්‍රකාශිත අරමුණු කරා, රටක සංවර්ධනය ගමන් කළ හැකිවෙන්නේ. 
     
    මම හිතනවා ඒ සඳහා මේ පනත ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කරන අවස්ථාවකට අදාළ වගන්ති සකස් කරලා තිබෙනවා. ඒ වගන්ති සකස් කිරීමෙන් ස්ථාවර නියෝගවල බොහෝවිට තිබෙන අවිනිශ්චිතභාවය පවිත්‍ර වෙනවා කතානායකතුමනි, පවිත්‍රවෙනවා කියන්නේ නීතිමය වශයෙන් ඉතා පැහැදිලිව අනුගමනය කරන්නට තියෙන වගන්තිවලින් සමන්විත  නීතියක් පාර්ලිමේන්තුව අද සම්මත කරනවා. 
     
    ඒ නිසා ස්ථාවර නියෝග නිසා ම අවිනිශ්චිතභාවයකට පත් වී තිබෙන විවිධ සංඛ්‍යා ලේඛන හා තොරතුරු හා ප්‍රකාශිතයන්වල අරමුණු  පැහැදිලිව සාක්ෂාත් කරගන්නට තිබෙන වගකීම අමාත්‍යවරුන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද අදාළ අංශවල, විශේෂයෙන් මේ වගකීම ඉෂ්ට කිරීම සඳහා වූ ගමනකට අපට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙනවා.
     
    මොකද අපි ප්‍රකාශ කරනවා, පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියෙන් අපට පූර්ණ බලය තියෙනවා. එය සැබෑයි. නමුත් 148 වගන්තියේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ කියලා තිබුනට ඒ සමඟ තියෙන සම්පූර්ණ වගන්තිය ඇතුළත් කරන්න කියලා මම ඉල්ලනවා. එය ක්‍රියාත්මක කිරීමේදී අපි මුහුණපාන ඒ ගැටලු හරහා ගමන් කරන්නට මේ අවස්ථාව සකස් කරගැනීමට පුළුවන් වීමෙන් මේ ආයතනය පාර්ලිමේන්තුවට වගකියන්න පුළුවන් ආයතනයක් ලෙස පිහිටුවා, ඒ ආයතනය මගින් තොරතුරු ලබාගෙන කටයුතු කරන්න පුළුවන්කමට දේශපාලන පක්ෂ, කණ්ඩායම්, පක්ෂ නොවන කණ්ඩායම් ඒ වගේම විවිධ කාරක සභාවල කටයුතු කරන සැම දෙනාට පුළුවන්කමට අපි පිවිසෙනවා. 
     
    ඒ නිසා අපි බොහෝ විට ඉදිරිපත් කරන යම් යම් සංඛ්‍යාලේඛන තොරතුරුවල නිවැරදිභාවයක් නොමැති නම්, අපි ගමන් කරපු කනගාටුදායක නාස්තිය විශාල නාස්තියක් පිළිගත යුතුයි, රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් සිදුවෙනවා. අග්‍රාමාත්‍යවරයා හැටියට ඉතාම නිහතමානීව ප්‍රකාශ කරනවා, මේ නාස්තිය අඩු කරගැනීම අපේ එක ඉලක්කයක්. ප්‍රමුඛතා ඉලක්කයක් විය යුතුයි. මම හිතන්නේ නෑ කිසිවෙකුට නැගිටලා කියන්න පුළුවන් කියලා මේ දෙපාර්තමේන්තුව හෝ ආයතනවල නාස්තිය නෑ කියලා. එය අපි මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක්. ඒ වගේම යම් යම් සංඛ්‍යාලේඛනවල තියෙන වැරදි හෝ නොමග යාම නිසා ඇතිවන දූෂණයන්ගේ බරත් ගෙනයන්නට සිදුවන්නේ අවසානයේ භාණ්ඩාගාරයට හා පාර්ලිමේන්තුවටයි. එයට මහජනතාවට විශාල පීඩනයකට පරිවර්තනය වෙනවා. 
     
    මේවගෙන් මිදෙන්නට පුළුවන් යාන්ත්‍රණයක් ලෙස මේ අයවැය කාර්යාලය ක්‍රියාත්මක වෙනවා ඇති. මේ වගන්ති රාශියක් තිබෙනවා. මම එකින් එක කියන්න යන්නේ නැහැ. මෙය පසුගිය කාල පරිච්ඡේදය තුළ මෙවැනි කාර්යාලයක් ඇති කිරීම සඳහා අපේ සහාය අඛණ්ඩව ලැබුණා. ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාවට අද පිවිසීම පාර්ලිමේන්තුවේ විශාල ජයග්‍රහණයක් ලෙස  අපි විශ්වාස කරනවා. මේ ස්වාධීන නිලධාරීන්, මේ ස්වාධීන නිලධාරීන් මගින් ඇති කරන මේ කාර්යාලය එලෙසම කටයුතු කරයි කියලා. එලෙස කටයුතු කිරීමට අවශ්‍ය ආරක්ෂක වගන්ති ක්‍රියාත්මක කරවා ගැනීම සඳහායි අද අපි අනුමත කරන්නේ. එසේ සිදුකිරීමෙන් ඒ දායකත්වය අපේ අයවැය ලේඛනවලට ඇස්තමේන්තුවලට කියාත්මක කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන අරමුණ සඳහා අඛණ්ඩව කටයුතු කරන්න දායකත්වය ඇති වෙනු ඇතැයි විශ්වාස කරමින් මෙය අනුමත කිරීමට අපි  සියලු දෙනා එකඟතාවෙන් කටයුතු කරනු ඇතැයි කියා ප්‍රාර්ථනය කරනවා."
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya