මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවීන්ගෙන් සාමාන්‍ය පරිදි වී මිලදී ගැනීමේ කටයුතු අද සිට- කෘෂිකර්ම අමාත්‍ය

    ජූනි 20, 2023

    ගොවීන්ගෙන් සාමාන්‍ය පරිදි වී මිලදී ගැනීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අද (20) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, අද සිට සාමාන්‍ය පරිදි වී මිලදී ගැනීම ආරම්භ කරනවා. නමුත් මුදල් ලැබෙන පරිදි තමයි මෙම කටයුතු සිදු වන්නේ. විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ වී ගන්න පොඩි සූදානමක් තිබෙන බව දන්න නිසා එහි ක්‍රෙඩිට් එක දාගන්න.

    මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේ, වී ගොවියාට නියමිත මිලක් නැහැ කියලා මම හැමතැනම කියනවා. මීට වඩා සාධාරණයක් ගොවි ජනතාවට සිදු විය යුතුයි කියලා මම පිළිගන්නවා. මම ඒක කැබිනට් මණ්ඩලයෙත් කතා වෙලා තිබෙනවා.මම ඒ සඳහා කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වතාවේ වී මිලදී ගැනීම කළේ කෘෂිකර්ම අමාත්‍යංශය හෝ වී අලෙවි මණ්ඩලය නෙමේ. රජය දිසාපතිවරු හරහා වී මිලදී ගෙන ආහාර හිගයෙන් පීඩා විඳින ජනතාවට නොමිලයේ ලබා දීමක් තමයි මේ වතාවේ සිදු වුනේ.

    චීන පොහොර මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අපි සකස්කරමින් යනවා. අපි කිසිවක් හංගන්නේ නැහැ. කවුරුවත් ආරක්ෂා කරන්න අපි උත්සාහ කරන් නැහැ. මේ සම්බන්ධයෙන් ලැබනෙ තොරතුරු අපි කෝප් කමිටුව හරහාත් ඉදිරිපත් කරනවා. අසූචි පොහොර කියමින් දවස ගානේ පොහොර ගැන කතා කරන්න අවශ්‍ය නැහැ.. කිසිම දෙයක් හංගන්නේ නැහැ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවෙට ඉදිරිපත් කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya