මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත රජය 2000 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් හස්තියා සම්බන්ධයෙන් අවශ්‍ය උපරිම සත්කාර සිදු කළා

    ජූනි 20, 2023

    අලි මිනිස් ගැටුම් නිරාකරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා

    තායිලන්ත රජය 2000 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් හස්තියා සම්බන්ධයෙන් අවශ්‍ය උපරිම සත්කාර සිදු කළ බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(20) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. තායි රජය මෙරටට ලබා දුන් හස්තියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය පැවසුවේ, වනජීවී දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කළ බවයි.

    ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළ අමාත්‍යවරයි පැවසුවේ,

    එම හස්තියා දෙහිවල සත්ව්‍යෙද්‍යානයට ගෙනහින් අවශ්‍ය කෑම බීම ලබා දෙමින් හස්තියා වෙනුවෙන් කරන සියළු සත්කාර සිදු කළා. තායිලන්ත තානාපතිවරයා හමුවෙමින් නොයෙක්වර ඉල්ලීම් කළා එම සතා නැවත තායිලන්තයට ගෙනියන්න එපා කියලා. එම සතාගේ පූර්ණ භාරකත්වය තිබෙන්නේ කන්ද විහාරයට. 1990 ගණන් වල රජයට ලැබිච්ඡ එම සතාව සන්නසකින් පන්සලට භාර කළා. රජයක් විසින් පන්සලකට පූජා කළාට පස්සේ , එම සතාගේ පූර්ණ අයිතිය තිබෙන්නේ පන්සලට. එම සතාගේ භාරකත්වය සහ අයිතිය වනජීවී දෙපාර්තමේන්තුවට නැහැ. අපට අයිතියක් නැති වුණත් දෙහිවල සත්ව්‍යෙදානයේ තබාගෙන අවශ්‍ය සත්කාර කළා.

    තායිලන්ත තානාපතිරවයාගේ දැඩි ඉල්ලීම මත එම හස්තියා එම රටට ගෙන යන ඉල්ලීමට එකග වුණා.අපි ඒ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික සාකච්ඡා පවා පැවැත්වුවා. හස්තියාගේ අයිතිකාරත්වය තිබෙන්නේ පන්සලට. අපි පන්සලේ හාමුදුරුවන්ගෙන් කැමැත්තක් අරගෙන තමයි තාවකාලිකව මෙම හස්තියාව යවන්න එකග වුණේ.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, එස හස්තියා සම්බන්ධ කටයුතු වලදී යම් යම් මූල්‍යමය සහ භෞතික ගැටළු තිබෙන බවයි.

    ඒ අනුව ඉදිරියේදී වන ජීවී දෙපාර්තමේන්තුවට වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් බඳවාගෙන ,සිවිල් පුරවැසියන් සතුව සිටින අලි සම්බන්ධයෙන්ද වගකීමෙන් කටයුතු කරන බව ඇය සඳහන් කළාය.

    මේ රටේ දීර්ග කාලීන් අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසිඳුම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා ජාත්‍යන්තර සංවිධාන වල සහයෝගය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළාය.

    අලි මිනිස් ගැටුම් නිරාකරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ,ඒ සඳහා මුදල් සපයා ගැනීමට ජාත්‍යන්තර සංවිධාන සමගින් කටයුතු කරමින් යන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya