මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු පොහොර හිඟයක් නෑ - පොහොර සැඟවුවහොත් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා - කෘෂි ඇමති

    ජූනි 20, 2023

    ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා හැරෙන බවත් දිවයිනේ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තුවේ දී පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු මතු කළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කොහේ හෝ පොහොර හිහ්හයක් තිබෙනවා නම් හෝ රජය අපහසුතාවට පත් කරන ආණ්ඩු විරෝධී නිලධාරීන් සිටිය හැකි බවත් එවැනි නිලධාරීන් පොහොර තියාගෙන නෑ කියනවා නම් නිලධාරීන් ඒ වරද කරනවා නම් ඊට විරුද්ධව පියවර ගැනීමට සූදානම් බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    රටපුරා යූරියා පොහොර යනවා. හතළිස් දාහට පොහොර තිබුණේ. මඩ පොහොර තිබුණේ නෑ. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එම්.ඕ පී පොහොර තිබෙනවා. හිඟයක් තිබෙන්න විදියක් නෑ. දේශපාලනය තියාගෙන මේක කරන්න බෑ. අහිංසක ගොවි ජනතාව පීඩාවට පත් වෙන්නේ ,දුක් විදින්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya