මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරටට දේශීය ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක්

    ජූනි 20, 2023

    දේශීය ඖෂධ සහ ආයුර්වේද ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සඳහා වාර්ෂිකව අති විශාල මුදලක් විදේශයන් වෙත ඇදී යන අතර එම මුදල දේශීයව රැක ගනිමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව දේශීය ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් මේ වන ආරම්භ කර ඇත.

    ඒ අනුව රජරට කලාපයේ ගොවි ජනතාවගේ ඔසු වගාවන්හී අස්වැන්න මිලදී ගැනීම උදෙසා අනුරාධපුර නව නගරයේ මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිට වූ දේශීය ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) සිදු විය.

    මෙම වැඩපිළිවෙල ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් ක්‍රියාත්මක කර තිබෙන අතර එහිදී වියළි කලාපය තුළ ගොවි ජනතාව වගා කළ හෝ මේ වන විට ඒකරාශී කර ඇති ඖෂධීය අමුද්‍රව්‍යයන් වෙළඳපොලේ තරඟකාරී මිල ගණන් යටතේ මිලදී ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලමින් ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීම සිදු කරනු ලබයි.

    මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ආචාර්ය අනුර ඇතුලත්මුදලි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ගොවි ජනතාව සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya