මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි

    ජූනි 19, 2023

    බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ උතුරු පළාත්වල ගාල්ල , මාතර , සහ පුත්තලම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එසේම උතුරු මැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද පළාතෙත් හම්බන්තොට ,පුත්තලම , හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45 පමණ තද සුළං ඇතිවිය හැකියි.

    ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එමදෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya