මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොඩවෙල්ලා දළඹු හානිය සම්පූර්ණයෙන්ම පාලනය කරයි

    ජූනි 19, 2023

    මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය ගොඩවෙල්ලා (Spodoptera) දළඹු හානිය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතිබව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයට (16) දින දැනුම් දී ඇත.

    තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීයනිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරයි.

    මෙම දළඹු හානිය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බැවින් කෘෂිකර්ම නිලධාරින් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ද හෙතෙම කියා සිටී.

    එමෙන්ම මෙම දළඹු හානිය සමස්ත අස්වැන්නට බලපෑමක් එල්ල නොවන බවත්, මේ වනවිට දළඹු හානිය මුලුමනින්ම පාලනය කර ඇති බැවින් ඒසම්බන්ධව සැකයක් ඇති කර ගත යුතු නැති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    එසේම පසුගිය මහ කන්නයේ දී මාධ්‍ය වාර්තා කළ ලෙස ගොයම් කහවීම කිසිසේත්ම රෝග තත්ත්වයක් නොවන බවත් පසෙහි නයිට්‍රජන් ඌනවීම නිසා ගොයමට බලපෑ පෝෂණ ඌණතාවයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

    මෙම යල කන්නයේ ද එවැනි ගොයම් කහවීමේ තත්ත්වයක් ඇති විය හැකි බැවින් බන්ඩි පොහොර අනිවාර්යෙන්ම යොදන ලෙසත්, ගොයම් කහවීමක් සිදුවුවහොත් බන්ඩි පොහොර හා යුරියා මිශ්‍ර කර කුඹුරුවලට යෙදීම මගින් ගොයම් කහවීම පාලනය කර ගත හැකි අතර අස්වැන්න ද ඉහළ නංවාගත හැකි බවආචාර්ය ජයන්ත සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya