මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිවලින් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්න- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස්

    ජූනි 17, 2023

    වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

    කෘෂිකර්ම අමාත්‍යංශයේදී ජාතික ගොවි සම්මේලනයේ ගොවි නියෝජිතයින් සහ අමාත්‍යවරයා අතර (15) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.


    වනසතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි මේ වනවිට ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ගොවි නියෝජිතයන් වැඩිදුරටත් පවසා සිටියේ ඔවුන්ට බලපාන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


    විශේෂයෙන් වනසතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි නිසා දෛනිකව විශාල පාඩුවක් සිදුවෙන බව ඔවුන් පෙන්වා දී තිබේ. එමනිසා වගා හානි වළක්වා ගැනීම සදහා පතරොම් තුවක්කු නැවතත් ලබා දෙන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.


    එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි තුවක්කු ලබා දීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා ලිපියක් යොමු කිරීමට නියමිතය.


    මෙහිදී අදහස් පළ කළ ගොවි නියෝජිතයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අලියාට වෙඩි තැබීමට තමන්ට උවමනාවක් නොමැති බවත් තුවක්කුවක් තිබීමෙන් අලියා පැමිණෙන්නේ නැති බවත් අලියන් පළවා හැරීමට තුවක්කු අවශ්‍ය බවත් ය.එසේම රිළවුන්ගෙන් ද වගාවට දැඩි ලෙස හානිවන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya