මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 (2023) අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ඇරඹේ

    ජූනි 16, 2023

    2022 (2023)අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන ජුනි 27 දිස සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    නැටුම්(දේශිය), නැටුම්(භරත), සංගීතය(පෙරදිග), ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ.

    මෙම විෂයයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාල පාසල්වල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයටද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපැල් මගින් යැවීමට කටයුතු කර තිබේ. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස, ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර සිට ප්‍රවේශපත් භාගත කළ හැකිය.

    54-පෙරදිග සංගීතය විෂයයේ මීට පෙර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා නිකුත් කරන පද ප්‍රවේශපත්‍ර අවලංගු වන අතර එම අපේක්ෂකයින් ප්‍රායෝගික පරීක්ෂණය වෙනුවෙන් නව ප්‍රවේශපත්‍රය රැගෙන ආ යුතුයි.

     

    නැටුම්(දේශිය) - 2023 ජුනි 27 දින සිට ජූලි 06 දින දක්වා

    නැටුම්(භරත) - 2023 ජුනි 27 දින සිට ජූලි 06 දින දක්වා

    සංගීතය(පෙරදිග) - 2023 ජුනි 27 දින සිට ජූලි 06 දින දක්වා

    ඉංජිනේරු තාක්ෂණවේදය - 2023 ජූලි 12 දින සිට ජූලි 21 දින දක්වා

    ජෛව පද්ධති තාක්ෂණවේදය - 2023ජූලි 29දින සිට ජූලි 31 දින දක්වා

    මේ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් තිබේනම් විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකතන අංක ඔස්සේ තොරතුරු ලබා ගත හැකිය.

    සෘජු දුරකතන අංකය 1911

    දුරකතන අංක 0112784208,0112784537,0112786616,0112785922

    ෆැක්ස් අංක 0112784422

    තැපැල් ලිපිනය විභාග කොමසාරිස් ජනරාල්, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya