මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මුද්දර දැක්ම සහ මුද්දර අළෙවි පොල විවෘත් කෙරේ

    ජූනි 16, 2023

    රටේ ආර්ථිකයට බරක් නොවන අයුරින් තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරියට පවත්වාගෙන යන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) කොළඹ මුද්දර දැක්ම හා මුද්දර අලෙවි පොල විවෘත කළේ ය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(15) තැපැල් මූලස්ථානයේ පැවති මුද්දර දැක්ම සහ මුද්දර අළෙවි පොළ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එළඹෙන ඔක්තොම්බර් 09 වන දිනට යෙදී තිබෙන ලෝක තැපැල් දිනය වන විට , තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් විඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළක් ඇති බවයි.ඒ සද හා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රිියාත්මක බවද හෙතෙම පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    තැපැල් දෙපාර්තමේන්තුව රටේ විශාල කාර්යභාරයක් කරන ආයතයක්. දීර්ග ඉතිහාසයක් තිබෙන දෙපාරත්මේන්තුවක්. අපට විශාල අභියෝගයක් තිබෙනවා රටේ ආර්ථිකයට බරක් ‌නොවෙන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමේ. ආදායම් වියදම් පරතරය අඩු කර ගැනීම සඳහා ඒ්කාබද්ධව කටයුතු කරනවා.

    මෙම මුද්දර අලෙවි පොළ 2023.06.15 සිට 18 වනදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ තැපැල් මූලස්ථානයේදී පැවැත් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya