මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ කෙවින්ඩෙවෝක්ස් කථානායක හමුවෙයි

    ජූනි 16, 2023

    කැනඩාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පාර්ලිමේන්තු සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙක් වන කෙවින් ඩෙවෝක්ස් මහතා සහ සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගිය ජුනි 14 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයයේදී පැවැත්විණි.

    මෙම හමුවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා මෙනවියද එක්ව සිටියාය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහනධීර, සහකාර මහලේකම් හංස අබේරත්න සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි ප්‍රතිපත්ති විශේෂඥ සහ පාලන ප්‍රධානී චන්ද්‍රිකා කරුණාරත්න, යන මහත්ම මහත්මීන් සහ කථානායකතුමාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය චමීර යාපා මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya