මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක්

    ජූනි 16, 2023

    ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක් ඇරඹෙයි.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මගින් ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින්, කොළඹට ඇතුළු වන මගී ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොල සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරීනි.

    කටුබැද්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධි සුඛෝපභෝගී සංචාරක පවාහන සේවා ආයතන පරිශ්‍රයේදී බස්රථ ධාවනයට එක් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  මහතාගේ සුරතින් සිදු විය.

    කොළඹට ඇතුළු වීම සහ පිටවීම උදෙසා දෛනිකව විශාල මගීන් ප්‍රමාණයක් භාවිතා කරන මෙම මාර්ග සඳහා නව බස් රථ සේවාව ආරම්භ වීමත් සමග විශාල පිරිසකගේ ප්‍රවාහන ගැටළු සඳහා විසඳුම් සැලසේ.


    හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වරණහංස මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya