මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම අන්තර්ජාතික සහාය

    ජූනි 16, 2023

    ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP) මඟින් අවශ්‍ය සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (INTERNATIONAL FUND FOR AGRICULTURAL DEVELOPMENT- IFAD) එකඟතාවය පළ කරයි.

    එම අරමුදලේ මෙරට නියෝජිත හා ආසියානු හා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා SHERINA TABASSUM මහත්මිය,(13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී අදාල ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කර තිබේ.

    මෙරට සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට හෙක්ටයාර් 16,000ක් තෝරාගෙන ඇත. ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පො‍ළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉළක්ක කර ගනිමින් එම බඩඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කෙරේ.

    උසස් තත්ත්වයේ දෙමුහුම් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දීමට නියමිතය.

    කෘෂිකර්ම අමාත්‍යවරයා කරන ලද යෝජනාවක් අනුව හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීමේ මෙම ව්‍යාපෘතියට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

    එමෙන්ම ලබන වසරේ සිට මෙරට පශු සම්පත් සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ද ලබා දීමට මෙම සාකච්ඡාවේදී එකඟත්වය පළ විය. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කෙරෙන විදේශ අරමුදල් මත ක්‍රියාත්මක නව ව්‍යාපෘතියක් වන කෘෂිව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SMALLHOLDER AGRIBUSINESS AND RESILLIENCE PROJECT – SARP) වැඩසටහන යටතේ මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් මේනකා පී. අබේරත්න මහත්මිය, SAPP ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya