මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනයට මෙතෙක් වෙන් කර ඇති වැඩිම මුදල ඉදිරි වසර තුනට ලැබී තිබෙනවා

    ජූනි 15, 2023

    මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා මෙතෙක් වෙන් කර ඇති වැඩිම මුදල ඉදිරි වසර තුන සඳහා ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ලෝක බැංකුව කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දෙන මුදල් කෘෂි ව්‍යාපෘති සඳහා ඵලදායීව යොදා ගැනීම වෙනුවෙන් ඊයේ (14) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදීය.


    ලෝක බැංකුව  2023- 2027 දක්වා ඉදිරි වසර පහක කාලයක කටයුතු සඳහා රුපියල් මිලියන 3800ක මුදලක් ලබා දී තිබේ. එම මුදලින් රුපියල් මිලියන 1500ක් මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කරඇත. එමගින් "කිරෙන් සපිරි රටක්" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වෙන් කර ඇති  අතර 2014ට පසු පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කළ වැඩිම මුදල් ප්‍රමාණය මෙය වෙයි.


    මීට අමතරව කෘෂි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් ද වෙන් කර ඇත. ඒ අනුව මෙතෙක් ප්‍රතිසංස්කරණය නොකරන ලද ග්‍රාමීය අංශයේ කෘෂිකාර්මික මාර්ග  අලුත්වැඩියා කිරීම සඳහා මෙම මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබේ.


    පසුගිය වසර 10ක කාලය තුළ සැළකිය යුතු මුදලක් පශු සම්පත් අංශය සඳහා නොලැබීම මෙරට කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය අඩාල වීමට බලපෑම් ඇති කළ බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

     

    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya