මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාපිඨ ගුරැවරැන් 7500 කට පත්විම් සිකුරාදා ලබා දෙනවා - 1300 ක් ජාතික පාසල්වලට - අධ්‍යාපන ඇමති

    ජූනි 15, 2023

    විද්‍යාපිඨ ගුරුවරු 7500කට එළඹෙන සිකුරාදා දින (16) නව පත්විම් ලබා දෙන බව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ජයන්ත මහතා ,අධ්‍යාපන අමාත්‍යංශයේ  (14)  දින පැවති උත්සවයකට එක්වෙමින් පැවසීය.

     

    ඌණතා ලේඛන පරිශීලනය කර ගුරු ආයතන ශාඛාව මගින් මෙම පත්විම් ලබා දෙන අතර ගුරුවරු 1300ක් ජාතික පාසල්වලට අනුයුක්ත කරනු ලබයි.

    ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ,

    “ගුරු පත්වීම් සම්බන්ධයෙන් අභියාචන කිරීමට බොහෝ දෙනෙක් එනවා . ඒ කිසිම අභියාචනාවක් අපි සලකන්නේ නැහැ. ඌණතා තියෙන තැන් බලලා අපි ඒවා දාලා තියෙන්නේ.මොන දේශපාලනඥා ආවත් මම කිව්වා කරැණාකරලා ගිහින් වැඩ කරන්න කියලා”

    එමෙන්ම නව උපාධිධාරින් 5500කින් වයස අවුරුදු 35ට අඩු උපාධිධාරින් විද්‍යාව, ගණිතය,තාක්ෂණය,සිංහල,දෙමළ,ඉංග්‍රිසි මාධ්‍ය යන විෂයන් ඉගැන්විමට ගුරැ පත්විම් ලබා දීම සඳහා බ්‍රහස්පතින්දා 2023.06.15 දින අනුමැතිය ලබා ගැනිමට කටයුතු කරනු ලබන බවයි.

    තවද ජුනි මස 30 වන දා වන විට පාසල් නිල ඇදුම් නොලැබුණ කෙනෙක් සිටි නම් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්ෂණික දුරකථන ඇමතුමට දැනුම් දෙන ලෙසද, ඒ අනුව ඉතිරි නිල ඇදුම්
    ප්‍රමාණයත් ලබා දිමට අපේක්ෂා කරනු ලබන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya