මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවට අපහාස සිදුකරන්නේ ඉතිහාසය ගැන නොදන්නා අයයි - පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක  

    ජූනි 15, 2023
    රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතුළු මහජන සේවාවන් වෙනුවෙන් සිදු වු ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුව සුවිශේෂී මෙහෙවරක් සිදු කර ඇති බවත් එම ඉතිහාසය ගැන කිසිදු කරුණක් නොදන්නා ඇතැම් පිරිස් නිකරුණේ පාර්ලිමේන්තුවට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
    නියෝජ්‍ය කථානායකවරයා මේ බව පැවසුවේ හුංගම කණුකැටිය ප්‍ර‍දේශයේදී නව ලංගම බස් රථයක් පොදු මඟී ප්‍රවාහන සේවයට එක්කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගී වෙමිනි
     
    "ර‍ටේ ඉදිරි සංවර්ධනයට අකමැති පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සමාජය තුළ වෛරය ඇතිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරනවා. “මේ රටේ ඉතිහාසයේ සිට මේ දක්වා රට සංවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අණ පනත් රැසක් සම්මත කරලා තියෙනවා. මුදල් වෙන්කරලා තියෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාවන්, ගොඩනැගිලි ඉදිකිරීම් වාගේම මේ රටේ මානව සම්පත වෙනුවෙනුත් විශාල වැඩකොටසක් රටේ නීති සම්පාදනය කරනු ලබන පාර්ලිමේන්තුව හරහා සිදුකර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ විවාද සිදුකරමින් ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් අදහස් ලබාගෙන මෙම අණ පනත් සම්මත කිරීම පසුගිය වසර ගණනාවක් තිස්සේ සිදු නොවුණානම් අද අපේ රට කොතනද තියෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ.
     
    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මේ රටේ අති බහුතරයක් පොදු මහජනතාව විශ්වාසය තැබු නිසයි මේ ආකාරයෙන් අපේ රට ඉදිරියට ආවේ. යම් යම් දුර්වලකම්, අඩුපාඩු තියෙන්න ඇති. ලෝකයේ කිසිවක් සර්ව සම්පුර්ණ නැහැ. සාපේක්ෂව අපි අද සිටින තැන ගැන සතුටු වෙන්න පුළුවන්. මීටත් වඩා ඉදිරියට අපි අනිවාර්යෙන්ම යායුතුයි. ඒ සඳහා රට එක් පැත්තකින් සංවර්ධනය වෙන අතර තුර මිනිසුන්ගේ මෙන්ම සමාජය තුළද සංවර්ධනයක් අවශ්‍යයි. ඒ සඳහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම ආයතනය වන පාර්ලිමේන්තුවට සුවිශේෂී වගකීමක් පැවරිලා තියෙනවා.
     
    උදාහරණයක් ලෙස තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම සඳහා ලෝකයේ දරුණුතම ත්‍රස්වාදී සංවිධානය ලෙස සැළකුණු කොටි සංවිධානය පරාජය කිරීමට අවශ්‍ය වුණා. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබාදෙන විට අවශ්‍ය නීති රීති සම්මත කරදීලා යුධ වියදම් දැරීමට අවශ්‍ය මුදල් අනුමැතිය ලබාදුන්නේ මෙම පාර්ලිමේන්තුව මඟින්. පාර්ලිමේන්තුව මඟින් රටට සමාජයට සිදු වු තවත් ඕනෑ තරම් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා අවුරුදු 75ක ඉතිහාසයට, පාර්ලිමේන්තුවට කිසිදු සොයා බැලීමකින් තොරව සිදුකරන අපහාස, මඩ ප්‍රචාර නතර කළ යුතුයි. එම අසත්‍ය, මඩ ප්‍රචාර මේ රටේ බහුතරයක් පොදු මහජනතාව පිළිගන්නේ නැහැ.
    රටක මහජන ඡන්දයෙන් තේරීපත්වන ඕනෑම ආණ්ඩුවක් පාර්ලිමේන්තුව මඟින් රටට සේවය සැපයිය යුතුයි. ජනතා පරමාධිපත්‍ය බලය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා” යනුවෙන් ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    අඟුණුකොළපැලැස්සේ සිට කණුකැටිය, හුංගම හරහා හම්බන්තොට දක්වා ධාවනය සඳහා ලංගම බස්රථයක් මඟී ප්‍රවාහන ‍සේවයට එක් කිරීමේ අවස්ථා‍ව සිදු කෙරුණේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
    මෙම මාර්ගයේ ධාවනය කෙරෙණු බස් රථය මීට වසර 08කට පමණ පෙර නතර වු නිසා එම ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්, රජයේ නිලධාරීන් ඇතුළු ජනතාව ප්‍රවාහන පහසුකම් සොයාගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබේ.
     
    මෙම කරුණු ගැන අවධානය යොමු කළ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අම්බලන්තොට ඩිපෝව මඟින් මෙම ලංගම බස් රථය ලබා දී ඇත.
     
    මෙම බස් රථය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අම්බලන්තොට ඩිපෝ කළමානාකරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya