මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමය විනිවිදභාවයකින් පවත්වාගෙන යාමට කිසිදු සහයක් නොදුන් පිරිස, වැරදි මතවාද සමාජගත කරමින් සිටිනවා - - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    ජූනි 14, 2023

    සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමය විනිවිදභාවයකින් පවත්වාගෙන යාමට කිසිදු සහයක් නොදුන් පිරිස, වැරදි මතවාද සමාජගත කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා  පැවසීය.

    ඊයේ (13)අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රජාව සවිබල ගැන්වීමට බැංකු පද්ධතිය යොදා ගනිමින් මෙම ප්‍රතිලාභ, බැංකු ගිණුම් හරහා ඍජුවම ප්‍රතිලාභියා වෙත ලබා දීමේ ක්‍රමවේදයක් ද සකසා ඇති බවයි.

    එමෙන්ම, වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම වැඩපිළිවෙල හරහා කිසිදු ආකාරයකින් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ කටයුතු මෙන්ම රැකියා සුරක්ෂිතතාවයට හෝ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් අයහපත් බලපෑමක් ඇති නොවන බවයි.

    ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන සාර්ථක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ලබා දුන් සහයෝගය අගය කළ රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේ දී ද එම වැඩසටහන තුළින් අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස තෝරාගැනීමටත් එම විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් සහයෝගය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya