මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතරමඟ නවතා ඇති ඉදිකිරීම් ව්‍යාපෘති වසරක කාලයක් ඇතුළත නිමකිරීමට සැලසුම්

    ජූනි 14, 2023

     ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ යෝජනා හා අදහස් සතියක් ඇතුළත ලබාදෙන ලෙසට කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස්...

    මේවනවිට ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘතිවල සියලුම කටයුතු ඉදිරි වසරක කාලයක් ඇතුළතදී නිමකිරීමට බළාපොරොත්තුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මුදල් අමාත්‍යංශ නිළධාරීන් සමඟ මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

    ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන යෝජනා හ අදහස් ඇතුළත් ව්‍යාපෘති වාර්තාවක් සතියක් ඇතුළතදී තමන්ට ලබාදෙන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයා කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් දුන්නේය.

    එම ව්‍යාපෘති වාර්තා අධ්‍යයනය කොට විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ඉදිරිපත්කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කීවේය. ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවන් සමඟ බත්තරමුල්ල, සුහුරුපායේදී (13) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී අමාත්‍යංශ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා මෙසේද කීවේය. රටේ ආර්ථිකයෙන් සියයට 20ක් පමණ යැපෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන්. මෙම කර්මාන්තය වටා බිහිවන ඍජු හා වක්‍ර රැකියා වලින් විශාල පිරිසක් තමන්ගේ ජීවනෝපාය සරිකරගන්නවා. ඒ නිසා ඉදිකිරීම් කර්මාන්තය ආරක්ෂා කරගන්න අපේ ආමාත්‍යංශය බොහෝම උද්යෝගයෙන් යුතුව කටයුතු කරනවා. කොරෝනා වයිරස ව්‍යාප්තිය, අරගලය,ඩොලරයේ අගය ඉහළ යෑම, ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළයෑම වැනි කරුණු නිසා පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ මෙරට ඉදිකිරීම් කර්මාන්තයට යහපත් තත්ත්වයක් උදාවුනේ නැහැ. මේ තත්ත්වය මත කොන්ත්‍රාත්කරුවන් මෙන්ම රජයත්, නාගරික සංවර්ධන අමාත්‍යංශයත් නොයෙක් අර්බුධවලට මුහුණ දුන්නා.

    ඉදිකිරීම් අතරමඟ නතරවීම නිසා අපටත් වඩා කොන්ත්‍රාත්කරුවන් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. දැන් ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ කැඩිලා, සේවක පිරිස් විදේශ ගතවෙලා. ඉදිකිරීම්වලට මුදල් නොලැබීම නිසා කොන්ත්‍රාත්කරුවන් වගේම සේවක පිරිස් ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වෙලා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ ගැටළු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අවධානය යොමුකරනවා. එතුමන් ඔබ මුහුණදෙන මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ නිළධාරීන් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට වාර්තා පවා ඉදිරිපත්කර තිබෙනවා.

    නමුත් දැන් රටේ තත්ත්වය වෙනස්වෙලා ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙනවා. මේ නිසා නුදුරේදීම ඉදිකිරීම් කේෂ්ත්‍රෙය් පිබිදීමක් ඇතිවේයැයි අප බළාපොරොත්තු වෙනවා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ට හා රජයට යන දෙගොල්ලන්ටම අවාසියක් නොවන විදියට මෙම ප්‍රශ්නය විසඳන්න හැකිවේවි යැයි අපි විශ්වාස කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya