මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පළාතේ රෝහල්හි ගැටලු , අඩුපාඩු සොයා බැලේ

    ජූනි 14, 2023

    නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කයන්හි රෝගී රෝහල්හි පවතින ගැටලු, අඩුපාඩු පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ පසුගිය දිනවල විශේෂ නිරීක්ෂණයක  නිරත විය.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත සිදු කෙරුණු මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවේ දී පොතුවිල් මුළික රෝහල, පානම ප්‍රාදේශීය රෝහල, දීඝවාපිය ප්‍රාදේශීය රෝහල, අක්කරෙයිපත්තුව මුළික රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල් පිළිබඳව සොයා බැලීය.

    මෙහිදී පොතුවිල් මුලික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්‌ගේ විස්තර පරිගණක ගත කිරීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමත්, මඩකලපුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය ඩිජිටල් ගත කිරීමත්, සුවදිවි සායන මධ්‍යස්ථානය හා ප්‍රතිසංස්කරණය කරන ලද මෞත්‍ර ලිංගික ශල්‍ය වාට්ටුව ද රෝගී ප්‍රතිකාර සේවාවට එක් කිරීමද සිදු විය.

    රෝහල් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම රෝහලේ පවතින ගැටලු පිළිබදව විශේෂ සාකච්ඡාවක නිරත වීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායම මෙහිදී පියවර ගනු ලැබීය.

    මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ, හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල පවතින හිඟතාවය පිළිබදවත් රෝහල තුළ ක්‍රියාත්මක ඇතැම් ප්‍රතිකාර අංශ සදහා පවතින ඉඩකඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමත්, සමහර අංශ වල භාවිතා කරන වෛද‍්‍ය උපකරණ වල පැරණිභාවය හේතුවෙන් කාර්යක්ෂම සේවාවක් එම උපකරණ වලින් නොලැබීම පිළිබදවත්, රෝහල තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්වය පිළිබදවත් ඒ සදහා පවතින මුල්‍ය ගැටලු පිළිබදව ද , ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම සදහා ප්‍රදේශයේ අවශ්‍යතාවය මත රෝහල තුළ ස්ථාපිත කළයුතු නව අංශ හා ඒකක පිළිබදවත් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට මෙහිදී යොමු කෙරිණි.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා;

    පවතින ගැටලු පිලිබද තමන් ඇතුලු කණ්ඩායම අවබොධයක් ලබා ගත් බවත්, ඒ් සදහා ගතයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යතුමාද දැනුවත් කරමින් තමන් කඩිනමින් ගන්නා බවද කිය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඔබ සියලු දෙනා රෝගී සත්කාර සේවාවන් වල කටයුතු කරමින් සිටින අතර පවතින ගැටලු ,අභියෝග නිරාකරණය කර ගනිමින්, පාලනය කර ගනිමින් රෝගී සත්කාර සේවාව මනා ලෙස පවත්වා ගැනීම වෙනුවෙන් හා කොවිඩ් සමයේ තම ජීවිත ගැනවත් නොතකමින් රෝගී ජීවිත වල සුරක්ෂිතතාවය

    වෙනුවෙන් රෝගී සත්කාර සේවාවන් සිදු කල ආකාරය ද සිහිපත් කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් පලකලේය .”

    “විදේශීය සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයින් බහුලව මෙම ප්‍රදේශ වල සංචාරය කරන හෙයින්ද පවතින ගැටලු වලට කඩිනමින් විසදුම් ලබා දීමට තමන් අපේක්ෂා කරන බවද එයින් අනාගතයේ මෙම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ වැඩි දියුණුවට ද එය හේතුවක් වනු ඇතැයි හෙතෙම පැවසීය.”

    මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, වෛද්‍ය ජී.විජේසුරිය, වෛද්‍ය සුදත් ධර්මසිරි, අධ්‍යක්ෂ (ප්‍රාථමික සත්කාර)වෛද්‍ය සමන්ත රණසිංහ, අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ, කල්මුණේ ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අයි.එල්.එම්. රිෆාස් යන මහත්වරුන් ද, එම රෝහල්වල වෛද්‍ය අධිකාරිවරුන්, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහභාගී වුහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya