මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන” ග්‍රන්ථයේ නවවැනි වෙළුම කථානායක වෙත පිළිගැන්වේ

    ජූනි 14, 2023

    ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ සංසදය මගින් ප්‍රකාශයට පත් කරන,''මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන '' ග්‍රන්ථයේ නවවැනි වෙළුම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම (12) කථානායක නිල නිවසේ දී සිදු කෙරිණි.

    ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා විසින් සංස්කරණය කරනු ලබන'' මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන '' ග්‍රන්ථයේ නවවැනි වෙළුම විෂය ප්‍රමාණික විද්වතුන් 26
    දෙනෙකුගේ ලේඛණ දායකත්වයෙන් සමන්විත වේ.

    මෙම අවස්ථාවට නාලන්දාරාමාධිපති අතිපූජ්‍ය තීනියාවල පාලිත හිමි, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා, මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති කථිකාචාර්ය සාලිය පීරිස් මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, තුමිලන් ශිවරාජ් මහතා, ජේෂ්ඨ මාධ්‍යවේදී සංඛ අමරජිත් මහතා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya