මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

    ජූනි 14, 2023

    දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (12 දින) නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

    දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ජනතාවගේ රෝග සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වන අතර එම සේවාව ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගනිමින් මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් හිමිවේ.

    එහිදී සර්වාංග වෛද්‍ය 29, කැඩුම් බිඳුම් වෛද්‍ය 47, චර්ම රෝග වෛද්‍ය 07, සර්ප විෂ වෛද්‍ය 15, ගෙඩිවණ වෛද්‍ය 04, මානසික රෝග වෛද්‍ය 02 හා අක්ෂි රෝග වෛද්‍ය 01 ලෙස සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සදහා මෙසේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමිණ.

    එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී අජිත් කුමාර යන මහත්වරුන්, පාරම්පරික වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya