මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරුළපන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහැර ජුනි මස 17 දා

    ජූනි 13, 2023

    කිරුළපන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහැර ජුනි මස 17 වැනි දින රාත්‍රී8.00 ට විථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති එම විහාරස්ථානයේ විහාරාධිපති ඇල්කඩුවේ නාගිත හිමිපාණන් වහන්සේ පැවසූහ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද ( 13) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව පැවසුහ.

    මෙවර මෙම පෙරහැර පැවැත්වෙන්නේ 29වැනි වරට වේ.අද සිට පරිවාර පෙරහැර ආරම්භ වන අතර ප්‍රධාන පෙරහැර 17 වැනි දින වීථි සංචාරය කිරීමටනියමිත බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    මෙම පෙරහැර මේ වන විට අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජාතික පෙරහැරක් බවට පත්කිර්‍රමට අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා කටයුතු කළ බවපෙන්වා දුන් උන්වහන්සේ සංස්කෘතික අංග රැසකින් සමන්විත බව පෙන්වා දුන්හ.එසේම සධාතුක කරඬුව වැඩමවීම සිදු කෙරෙන්නේ කල්‍යාණි රජමහවිහාරයේ මංගල හස්තිරාජයා වේ.

    කිරුළපන ශ්‍රී පුෂ්පාරම රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කෙරෙන මෙම පෙරහැර කිරුළපන මාවත් ඔස්සේ හයිලෙවල් පාර හා බේස්ලයින් පාර ඔස්සේපොල්හේන්ගොඩ යුද්ධ හමුදා කඳවුර අසලින් නැවතත් හරවා කිරුළපන මාවත් ඔස්සේ නැවතත් විහාරස්ථායට ගෙවැදෙන බවද උන්වහන්සේ වැඩිදුරටත්පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya