මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීයව බිත්තර නිෂ්පාදනය වැඩිකිරීමේ දිශානතියට යොමුවීම එකම විසඳුමයි - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූනි 13, 2023

    බිත්තර මිල සම්බන්ධයෙන් වන ගැටලුවට දේශීය වශයෙන් හැකිතාක් බිත්තර නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා වන දිශානතියට යොමුවීම එකම විසඳුම වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    නිෂ්පාදන පිරිවැයට වඩා වැඩි මිලකට වැඩි වැඩියෙන් බිත්තර නිෂ්පාදනය ඇති වුවහොත් මිල ඉබේම පඑහළට ගමන් කරන බව කියාසිටි අමාත්‍යවරයා ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ සත්ත්ව පාලන අංශ විසින් කඩා වැටුණු බිත්තර කර්මාන්තය නැවත නගාසිටුවීමට කටයුතු කරන බවද පැවසුවේය.

    වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට මිල පාලනය සහ සලාක ක්‍රමය මගින් දැඩි වශයෙන් බාධා පැමිණෙන බවද මිල හැසැරවිය හැකි බව න්‍යායාත්මකව පිළිනොගන්නා බවද කියාසිටි අමාත්‍යවරයා, වෙළඳපොළ ක්‍රමය තුළ මිල තීරණය වීම හා වෙනස් වීම කතුරක තල දෙක මෙන් ඉල්ලුම සැපයුම් බලවේග අනූව තීරණය වන බවද සඳහන් කළේය.

    තාවකාලික වශයෙන් බිත්තර හිඟය පියවා ගැනීම සඳහා තොගයක් ආනයනය කර වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි යැයිද එමගින් තරඟකකාරීත්වකාරීත්වයක් ඇතිවනවා විනා මෙය සෑම අවස්ථාවකම සම්පූර්ණයෙන් පාලන මිලක් යටතේ සිදුකිරීමට වෙළඳපොළ බලවේග හැසිරෙන ආකාරය අනූව අසීරු බවද අවධාරණය කාළේය.

    තමන්ට දැරිය නොහැකි මිලක් පවතින අවස්ථාවක පාරිභෝගිකයන් එම භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකිය යුතු බවද කියාසිටි අමාත්‍යවරයා පාරිභෝගියකාට ස්වාධිපත්‍යයක් ඇතැයිද එනම් වෙළඳපොළ තුළ වැඩි බලයක් පැතිරවීමේ හැකියාවක් ඔවුන්ට පවතින බවද සිහිපත් කළේය.

    මේ තත්ත්වය සඳහා ඉල්ලුම් සහ සැපයුම් යන පාර්ශව දෙකම මැදිහත් විය යුතු බවද මේ සඳහා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වෙනමම කමිටුවක් පත්කර ඇතැයිද සිහිපත් කළ අමාත්‍යවරයා එයට මෙම ගැටලුව විශේෂ අවධානයක් යෛාමුකිරීම සඳහා ඉදිරිපත් කළ බවද පැවසුවේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya