මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නෑ- විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පත ගැන පැහැදිළි කරමින් ජනමාධ්‍ය ඇමති කියයි

    ජූනි 13, 2023

    විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බලපත්‍ර නැවත ලබා නොදීමේ කිසිදු වගන්තියක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමා අවධාරණය කරන බව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

    යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නොමැති බවයි. රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතු බවත් ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සම්මත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය‍

    විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාට හෝ ජනාධිපතිවරයාට මාධ්‍ය මර්දනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජනාධිපතිවරයාට මාධ්‍ය මර්දනයේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතුමා මාධ්‍ය පවුලක උරුමය සහිත නායකයෙක්.සාපරාධී අපරාධ නීතිය ඉවත් කළේ එතුමා විසින්. මාධ්‍ය විසින් ඇතැම් අවස්ථාවල පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාපරාධ අපාරාධ නීතිය යටතේ මාධ්‍යකරුවන් බන්ධනාගාරගත කිරීමේ සහ දඩුවම් දීමේ හැකියාව, සහ නීති රීති රටේ තිබුණා. එය ඉවත් කිරීමට කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.එම නිසා ඇතැම් අවස්ථා වල මාධ්‍යට වැඩි නිදහසක් දීම ගැනජනාධිපතිවරයා දෝෂ දර්ශනයට පවා ලක්වුණා..මේ පිළිබඳ බිල්ලෙක් මවනඑක සාධාරණ නැහැ.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ , මේ සම්බන්ධයෙන් සාකච්ඡාකිරීම සඳහා කැබිනට් අනු කාරක සභාවේ සාමාජිකයින් සහ මාධ්‍යආයතන ප්‍රධානින් පසුගියදා පාර්ලිමේන්තුවට කැඳ වූ බවයි.

    මෙම පනත් කෙටුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් නැහැ කිව්වා. ඒ අනුව පරිවර්තන සිදු කරලා ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර මාධ්‍ය සංවිධාන වලට දීල තිබෙනවාතව සති දෙකක් තුළසාධනීය යෝජනා ඉදිරිපත් කළොත් ඒවා සාකච්ඡා කළ හැකියි. තර්ජන ගර්ජන අපහාස උපහාස වලින් තොරව ශිෂ්ඨ සම්පන්න සමාජයක දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතුයි.මෙය කෙටුම්පතක් විතරයි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ‍ සංශෝධන කළ හැකියි.

    මේ සඳහා බලතල තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මට. මට පුළුවන් ඕනෑම මාධ්‍ය ආයනයකට බලපත්‍රයක් දෙන්න. ඒ වගේම අවලංගු කරන්න පුළුවන්. ඒත් මම එහෙම කටයුතු කර නැහැ. මේ සම්බන්ධයෙන් යම් කිසි අනතර්ජාතික වශයෙන් සම්මත ක්‍රමයක් ඇති කර ගැනීම දියුණු මාධ්‍ය සංස්කෘතියක් සඳහා අවශ්‍යයි.

    විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බලපත්‍ර නැවත ලබා නොදීමේ කිසිදු වගන්තියක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමා අවධාරණය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    විකාශන අධිකාරී පනත ඉදිරිපත් කළ පසුත් මාධ්‍ය ආයතනයන්ගේ බලපත්‍රය ආපසු ලබා දීමේ ප්‍රතිඥාව ලබා දෙන බවද හෙතෙම පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya