මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට- අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    ජූනි 13, 2023

    2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් , ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    2023 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 13 වන වගන්තියේ විධිවධාන පරිදි මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් අයවැය පිළිබඳ අවසන් තත්ත්ව වාර්තාව අදාළ මුදල් වර්ෂය ඉක්මවා මාස පහක් ගත වීමට පෙර මහජනතාව වෙත නිකුත් කිරීමත්, ඉන් අනතුරුව එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සිදු කළ යුතු වේ. ඒ අනුව, 2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ත්ව වාර්තාව, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya