මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවේ ප්‍රගතිය අමාත්‍යවරයා සමාලෝචනය කරයි

    ජූනි 12, 2023

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම් විසින් පත් කරන ලද කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයකට අවධානය යොමු කළ අමාත්‍යවරයා විසින් වැටුප් විෂමතා, බඳවාගැනීම් පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථානමාරු කිරීම් පිළිබඳ ව නිලධාරීන් විසින් සහ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට දිය යුතු ප්‍රමුඛතාවන් පිළිබඳ ව අදහස් දක්වන ලදි. කමිටුවේ මේ දක්වා සිදු කර ඇති කාර්ය ප්‍රගතිය සමාලෝචනය කළ අමාත්‍යවරයා, මූලික ගැටලු නිරාකරණය සඳහා කෙටිකාලීන විසඳුම් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස කමිටුවට දැන්වී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya