මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සටන් පාඨ වලින් පමණක් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සැපයීමට හැකියාවක් නැහැ - ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    ජූනි 12, 2023

    මුල්ලේරියාව නැගෙනහිර කොලඹ මූලික රෝහලේ සිට පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ඒ යටතේ ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ නව බස් රථ ධාවනයට එක් කිරීම සිදුවිය.
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    සටන් පාඨ වලින් පමණක් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සැපයීමට හැකියාවක් නැහැ. ආණ්ඩු වෙනස් කිරීමකින් රට ඉදිරියට ගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒ සඳහා වඩාත් ප්‍රබුද්ධ ලෙස කටයුතු කරමින් ආර්ථික විසඳුමක් සොයා ගත යුතුයි.
    ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දියාව, ප්‍රංශය, ජපානය, පැරිස් ආධාර කණ්ඩායම ඇතුළු රටවල් සහ සංවිධානවල විශේෂඥයින් නිතිපතා අඛණ්ඩව සාකච්ඡා සිදු කරමින් කටයුතු කරනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ස්ථිර විසඳුමකින් තොරව සති දෙකක්වත් මේ රට පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. සැප්තැම්බර් මාසය වන විට එම සාකච්ඡා සාර්ථක කර ගැනීමෙන් අනතුරුව රට යළිත් සාමාන්‍ය තත්වයට ගැනීමට හැකියාව ලැබෙන බව අප විශ්වාස කරනවා.
    ලංකා ගමනාගමන මණ්ඩලය ද පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් 2025 වසර වන විට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අභියෝගයට මුහුණ දී තිබෙන සිටිනවා. ඒ සඳහා ඉතාමත් කඩිනමින් ලංගම ඩිජිටල්කරණය කිරීමේ කටයුතු මේ විට සිදුකරමින් පවතිනවා. ප්‍රවේශපත් නිකුත් කිරිම, ඇතුළු අනෙකුත් ගිණුම්කරණ කටයුතු, පරිපාලනට අදාළ අංශ ඩිජිටල්කරණය තුලින් වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොරව පවත්වාගෙන යෑම තුළින් අනිවාර්යෙන්ම 2025 වසර අදාල ඉලක්කයට යා හැකි බව මා විශ්වාස කරනවා.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු නිලධාරීන්, මුල්ලේරියාව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් සුබසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya