මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ඇරඹේ

    ජූනි 11, 2023

    තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ආරම්භ කෙරිණි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්ස පුර ප්‍රදේශවල දී ආරම්භ කරන ලද මෙම වැඩසටහනනට සමගාමීව වගා කටයුතු පුළුල් කිරීමසඳහා කොඩිගහවැව හා සාමගුලිය 01 හා 02, සියඹලාවැව යන වැව් තුන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආරම්භ කරනු ලැබීය. එමෙන්මප්‍රතිසංස්කරණය කරන ලද බෝගහවැව ජනතා අයිතියට පත් කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.

    මෙම වැව් වැසිජලය පදනම් කර ගත් වැව් වන අතර දේශගුණික බලපෑම් මත එම ප්‍රදේශවල ජනතාව දැඩි ජල හිඟයෙන් පීඩා විඳී. එමනිසා දේශගුණ සුහුරුවාරි ප්‍රතිසංස්කරණය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 36ක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 850කි.

    දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම වැඩසටහන යටතේ ඉහත සඳහන් කළ මෙම වැව් ප්‍රතිසංස්කරණය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 200කි.වසරගණනාවක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවු මෙම වැව් තුන මගින් තරුණ ප්‍රතිලාභීන් 150කට වගා කටයුතු සදහා අවස්ථාව සැළසේ.

    ඔවුන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික උපකරණ ද ලබා දෙන අතර මෙම වැව් තුන ආශ්‍රිතව ඉඩම්වල ආරක්ෂිත දැල් සහිත වගා ගෘහ, බින්දුජල තාක්ෂණික උපකරණ මෙන්ම වගාවට අවශ්‍ය බීජ හා පොහොර ද ලබා දීමට කටයුතු යොදා ඇත.

    මීට අමතරව ජූල්පල්ලම කන්දේ විහාරයේ දී දහම් පාසැල් දරුවන් සඳහා අධ්‍යාපනික උපකරණ පිරිනැමීමට ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම වැඩසටහන යටතේ ස්ථාපිත කර ඇති වගාවන් ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩ පිළිවෙල යටතේ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉදිරි සියලු කෘෂිකර්ම ව්‍යාපෘති ක්‍රියාත්මකකරන බවයි. දැනට කෘෂිකර්මාන්තය තුළ වැඩිහිටි ප්‍රජාව පමණක් කටයුතු කරන අතර තරුණ ප්‍රජාව ඊට ආකර්ෂණය කර ගත හැකි වැඩ පිළිවෙලක්නොතිබීම බරපතල ගැටලුවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;

    අප රටේ වී වගාව තුළ සිටින ගොවින්ගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්මවු අයයි. තරුණ ප්‍රජාව වී වගාව සඳහා යොමුවන්නේ නැහැ. නමුත් පලතුරු, එළවළු හා මල් වගාව සඳහා තරුණ ප්‍රජාවගේ විශාල දායකත්වයක් හා කැමැත්තක් තිබෙනවා. ඒ නිසා වැඩි ආදායම් ඉපැයිය හැකි කෘෂි ව්‍යවසායකත්වවැඩ සටහන් ඉදිරියේ දී අප විසින් වැඩිපුර සකස් කළ යුතු වෙනවා.

    අද දින අපි ආරම්භ කරන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ඔස්සේ දේශීය වෙළෙඳ පොළ මෙන්ම විදේශීය වෙළෙදපොළ ඉළක්ක කර ගත්අපනයනය කළ හැකි බෝග වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා නව තාක්ෂණය අපි තරුණ ගොවි ප්‍රජාවට ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    එසේම අමරවිරු පියමග වැඩපිළිවෙල හරහා මෙම වැව් ප්‍රතිසංස්කරණය මගින් තරුණ පිරිස වගාව සඳහා ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇති බව දඅමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    මෙම අවස්ථාවට දේශගුණ සුහුරු කෘෂිකර්ම වැඩසටහනේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya