මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර අඩු මිලකට ගොවීන්ට

    ජූනි 11, 2023

    ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යමහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) හම්බන්තොට ජුල්පල්ලම හා කාවන්තිස්සපුර ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ තරුණ කෘෂිව්‍යවසායකත්ව වැඩසටහන සඳහා සහභාගී වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;

    පසුගිය කාලයේ පොහොර ඇටයක්වත් ගොවි ජනතාවට ලැබුනේ නැහැ. එවැනි වකවානුවක අපි 2022 යල කන්නයේ දී යුරියා පොහොර ගොවි ජනතාවට ලබාදුන්නා. ඒ වනවිට වෙළෙඳ පළේ යුරියා පොහොර මිටියක මිල රුපියල් 42,000ත් ඉක්මවා ගොස් තිබුනා. නමුත් අපි රුපියල් 10,000ට දුන්නා. ඒ සමගමපුද්ගලික අංශය විසින් පොහොර මිල අඩු කිරීම නිසා මේ වනවිට යුරියා මිල රුපියල් 11,000 දක්වා අඩු වුනා.

    නමුත් පසුගිය මහ කන්නයේ අපි ගොවීන්ට බන්ඩි පොහොර හා යුරියා පොහොර දෙකම දුන්නා. ඒ වගේම මෙවර යල කන්නයේ අපි රජය වශයෙන් මඬපොහොර සියලු ගොවීන්ටම නොමිලයේ දුන්නා. වගා කන්න තුනකට පසුව මෙවර මහ කන්නයේ දී ගොවීන්ට මඩපොහොර, යුරියා පොහොර හා බන්ඩිපොහොර යන පොහොර වර්ග තුනම ලබා දීමට පියවර ගත්තා.

    පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ට ලබා දුන් බන්ඩි පොහොර අපි මෙවර රුපියල් 15,000 දක්වා රුපියල් 4,500දක්වා අඩු කළා.

    ඒ වගේම ලබන මහ කන්නයේ දී අපි යුරියා ‌ පොහොර මිල තවත් අඩු කරනවා. දැන් පුද්ගලික අංශයේ පොහොර මිල වැඩි කර තිබෙනවා. යුරියා පොහොරමෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවක් අද වරායට ආවා. අපී මේවා ලබන සඳුදා සිට සියලුම ගොවි ජන මධ්‍යස්ථානවලට යවනවා.

    කොහොම වුනත් ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000 ට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට අපි කටයුතු කරනවා. එතකොටගොවි ජනතාවට එම වරප්‍රසාදය භුක්ති විදින්න ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya