මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණ ඔස්සේ ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව කැප වී සිටිනවා

    ජූනි 10, 2023

    කුමන තරාතිරමක හෝ වංචා දූෂණයක් රජය ඉවසන්නේ නෑ- මුදල්රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    ප්‍රතිසංස්කරණ ඔස්සේ ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ SDG ආයෝජක සිතියම, Sector Deep Drive Report 2023 එළිදැක්වීමේ අවස්ථාවට (09) එක්වෙමිනි.

    පරිසර හිතකාමී මුලපිරීම් සඳහා ආයෝජකයින්ට සහාය වීමට ඉඩ සැලසීම සඳහා හරිත බැඳුම්කර වැනි නව මූල්‍ය අවස්ථාවන් වලට පහසුකම් සැලසීමේ රාමුවක් සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු පවසයි.

    “අපගේ ප්‍රතිසංස්කරණ මගින් පුරවැසියන්ට පොදු සේවාවන් සඳහා ප්‍රවේශය සහතික කෙරෙනවා. සමාජයේ වඩාත්ම අවදානමට ලක්වූවන්ට, වඩා හොඳ ඉලක්ක සහිතව සහාය වීමට අවශ්‍ය සමාජ ආරක්ෂණ දැල් පුළුල් කර ශක්තිමත් කිරීම එමඟින් උනන්දු කෙරෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩල අනුමැතිය, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ රජයේ දැක්ම සමඟ සම්බන්ධ වී, ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වන, අපනයනයට නැඹුරු, තිරසාර ජවසම්පන්න ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාවේ දොරටු විවර කර තිබෙනවා. ප්‍රතිසංස්කරණ හරහා හිතකර ආයෝජන වාතාවරණයක් ඇති කිරීමටත්, විදේශීය හා දේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, මූල්‍ය ප්‍රතිලාභ සහතික කිරීම සඳහා ධනාත්මක, සමාජීය සහ පාරිසරික බලපෑම් ඇති කරන ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සැලසීමටත් අපි කැපවී සිටිනවා.” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    කිසිම තරාතිරමක දූෂණයක් රජය නොඉවසන බවත් වැරදි කරන කිසිවකු ආරක්‍ෂා නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී. මූල්‍ය විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කරමින්, ශක්තිමත් දූෂණ විරෝධී නීති රාමුවක් හඳුන්වා දෙනු ලබන බවත්, ශ්‍රී ලංකාවේ නීති රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන් හා සැසඳෙන අයුරින් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබන බවත්, තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා UNDP ඇතුළු සංවර්ධන සහයෝගීතාවයන් සහ පාර්ශවකරුවන් සමඟ හවුල් වීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya