මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    ජූනි 10, 2023

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර, සහ නුවර එළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ යාදෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව පළාතෙත් ගාල්ල මාතර කලුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිබව එම දෙපාර්තමේන්තුව පවසයි.

    එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට ,පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැයට කිලෝමීටර් 40-45 පමණ තද සුළං ඇතිවිය හැකියි.

    ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එමදෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya