මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගාවට හානි කර සතුන් පාලනය කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කෘෂිකර්ම අමාත්‍යංශයේ සහාය - කෘෂි ඇමති

    ජූනි 09, 2023

    වගාවට හානි කර සතුන් පාලනය කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කෘෂිකර්ම අමාත්‍යංශය සහාය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    '‘වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම’' සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ගෙනා යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට,වාර්ෂිකව රුපියල් මිලියන 20,000ක පමණ හානියක් මෙම වන සතුන් නිසා වගාවට සිදු වෙන බවයි.

    මෙරට මිලියන 3කට ආසන්න රිළා ගහනයක් සිටිනවා. මිනිසුන් ගම්බිම් අතහැර දමා යන ත්වවයට පත් වී තිබෙනවා. මෙයින් පීඩාවට පත් වෙච්ච මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඒ වෙනුවෙන් විශාල හඩක් නගන්න ඔවුන්ට බැහැ.

    මෙම සතුන් පාලනය කරන්න ජාත්‍යන්තර ක්‍රමවේදයක් හෝ අනුගමනය කරමින් මෙම සතුන් පාලනය කරන ලෙසත් ඒ වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

    2022 වසරේ මුල් මාස හය තුළ පමණක් තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක පොල් මෙට්ට්‍රික් ටෙන් 145,000 එනම්, පොල්ගෙඩි මිලියන 93ක් වන සතුන් නිසා හානි වී තිබෙන බවයි. සමස්ථයක් වශයෙන් ගත් කළ පොල් පමණක් මිලියන 200කට වැඩි ප්‍රමාණයක් රිළවුන් සහ දඩු ලේනුන් නිසා හානි වී තිබේ.

    වන සතුන්ගෙන් වන හානිය වළක්වා ගත්තා නම් නැවත වගා නොකළත් මෙම ප්‍රමාණය මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    අද වන විට නාගරික ප්‍ර දේශ වලටත් මෙම සතුන් පැමිණෙනවා.නිවෙස් වල සිටින දරුවන් පවා මෙම සතුන් සපා කන අවස්ථා තිබෙනවා.මේ සම්බන්ධයෙන් වාර ගණනක් පාර්ලිමේන්තුව තුළ කතා කර තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයෙන් මේ පිළිබඳ වාර්තා සකස් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya