මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි අවම කිරිමට පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුයි- ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය  

    ජූනි 09, 2023

    වගාවන්ට,වන සතුන්ගෙන් එල්ල වී ඇති හානි අවම කිරිම සඳහා පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව , ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණඩාර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ‘වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා නිශ්චිත කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, එක් පැත්තකින් වන අලි , අනික් පැත්තෙන් රිලව්, වඳුරො,ඌරෝ, ඉත්තෑවෝ. මෙම සතුන් නිසා ආහාර නිෂ්පාදනයට විශාල තර්ජනයක් සිදු වී තිබෙනවා.

    ජාතික වශයෙන් වී නිෂ්පාදනය කරන නගර අතර ප්‍රධාන දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඒ වගේම පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රධාන දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ගොවි ජනතාව ඉල්ලන්නේ වෙන සහණ කිසිවක් නොව වන සතුන්ගෙන වන හානිය වළක්වන ලෙසයි. අපේ රට බෞද්ධ රටක්. සත්ව හිංසාව සම්බන්ධයෙන් විශාල සංවේදිතායවක් ජනතාව තුළ තිබෙනවා.

    එම නිසා ජන මනස වැරදි තැනකට ගෙනියනවා.රිළවුන්ට චීනයට යවන්නේ මස් පිණිස කියල මතයක් ගෙනත් එම වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න උත්සාහ කළා.විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන සමහර සංවිධාන එම රාජ්‍ය නොවන සංවිධාන සන්තෝෂ කිරිමට කටයුතු කරනවා. නමුත් එමගින් ගොවි ජනතාවට සහ ජාතික ආර්ථිකයට වන බලපෑම ගැන ඔවුන් කල්පනා කරන්නේ නැහැ. සත්වයින් ආදරේ ගොවි ජනතාවක් මෙරට සිටන්නේ . එහෙත් ගොවි ජනතාවට සතුන්ගෙන් වෙන හානිය ඊට වඩා වැඩියි''යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya