මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තුළ බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක්

    ජූනි 09, 2023
    එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තුළ බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම ,දෙරට අතර ආගමික හා සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් අවශ්‍ය සහාය මෙන්ම ඒකඟත්වය පළ කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. 
    ශ්‍රී ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තනාපති Khaled Nasser Alameri මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර  (08) අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
     
    දෙරට අතර ආගමික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,පර්යේෂණ හා අධ්‍යයන අවස්ථා හුවමාරු කර ගැනීම,ශ්‍රී ලංකාව තුළ හා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තුළ  පුරාවිද්‍යා ප්‍රදර්ශනයන් පැවැත්වීම,ඉතිහාසය,පුරාවිද්‍යාව හැදැරීමේ අධ්‍යයන අවස්ථා දෙරට අතර පුළුල් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ අතර ඉදිරියේදී එම කටයුතු සිදු කිරීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya