මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය පොළිය අඩු කිරීමේ සහනය හැකි ඉක්මනින් ජනතාවට ලබා දෙනවා

    ජූනි 09, 2023

    උද්ධමනයේ යම් පාලනයක් තිබෙන නිසා පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පොළී අනුපාතය 2.5%කින් අඩුකළ බවත් වාණිජ බැංකු විසින් ඉතා ඉක්මනින් මෙම සහනය මහජනතාවට ලබා දෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සාමාන්‍ය බැංකු වල පොළිය තීරණය වෙන්නේ මහ බැංකු පොළී අනුපාතය මත බවත් එහෙත් එක්වරම වාණිජ බැංකු වලට මෙම සහනය ලබා දිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

    පසුගිය සතියේ මෙම ණය පොළී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අඩු කළා. මෙහි හොඳ ආරම්භයක් තිබෙනවා. වාණිජ බැංකු ඉතා ඉක්මනින් එම සහණය මහජනතාවට ලබා දෙනු ඇති බවත් මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අධීක්ෂණය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


    පසුගිය වසර පහ තුළ විසි අට ලක්ෂ අනූඅට දහස් හාරසිය දහහතක් , විදෙස් වාහන මෙරටට ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙරට ජනගහනය හා සසඳන කල සෑම පස්දෙනෙකුටම එක් අයෙක් මෙරටට වාහනයක් ගෙන්වා ඇතැයි අමාත්‍යවරයා කීය


    මේ තුළින් අපේ රටේ මිනිසුන්ගේ පරිභෝජන රටාව ගැන පැහැදිළි වෙන බවද හෙතෙම සඳහන් කළේය.


    2015 සිට 2020 දක්වා මෙරටට ආනයනය කරන ලද වාහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය
    ඉදිරියේදි බදු ආදායම වැඩි කිරීම සහ විනිමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන බවද හෙතෙම සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya