මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන හෙට ඇරඹේ

    ජූනි 09, 2023

    තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා වන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන හෙට (10) හම්බන්තොටින් ඇරඹේ.

     

    තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන හෙට (10) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

    දැනට මෙරට කෘෂිකර්මාන්තය තුළ වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්ම වු වැඩිහිටි පුද්ගලයන් බව හඳුනාගෙන තිබේ. වී වගාව තුළ තරුණ ප්‍රජාවේ නියෝජනය සියයට 20ක් පමණ සුළු ප්‍රමාණයකි. නමුත් ඉහළ ආදායමක් ඉපයිය හැකි එළවළු, පලතුරු හා මල්වගාව ආශ්‍රිතව දැනට තරුණ ප්‍රජාවේ ඉහළ නියෝජනයක් දක්නට ලැබෙන බව තොරතුරු මගින් අනාවරණය වී ඇතිබව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. එහි සමාරම්භය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 06ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර විවිධ කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එමගින් තරුණ ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අපේක්ෂිතයි.

    ඒ අනුව අමරවිරු පියමග 32 වැඩ සටහනට සමගාමීව මෙම තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම හෙට 10 දින තිස්සමහාරාමයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර යන ගම්මාන දෙක ද, 11 දින වීරකැටිය කැප්පිටියාව උතුර ගම්මානය ද තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර කෘෂිකර්ම වැඩ සටහසටහන් ආරම්භ කිරීම සිදු කෙරේ.

    මෙම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya