මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු නොගෙවන පිරිස බදු ජාලයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාවයි- මුදල් රාජ්‍ය අමාත්‍ය

    ජූනි 09, 2023

    දැනට පවතින බදු ගොනු සංඛ්‍යාව දශ ලක්ෂය දක්වා ඉහළ නංවමින් බදු නොගෙවන පිරිස බදු ජාලයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    විසර්ජන පනත යටතේ වන නියමයන් කිහිපයක් අනුමත කර ගැනීම සඳහා ඊයේ (08) පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    එමගින් වක්‍ර සහ ඍජු බදු බදු අතර අනුපාතය 60% - 40% දක්වා වෙනස් කිරීමේ සටනක රජය නිරතව සිටින බව හෙතෙම කීවේය. බදු ගෙවීමේ වගකීම ජනතාව සතු වන අයුරින් ම එම බදු මුදල් විනිවිධභාවයෙන් යුතුව වැය කිරීමේ වගකීම රජය භාර ගන්නා බව ඒ මහතා කියා සිටියේය.

    ඒ අනුව ජූනි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බදු ගෙවිය හැකි යැයි අපේක්ෂා කෙරෙන ක්ෂේත්‍ර 14ක වෘත්තිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කළ බවත් එසේ ම 2024 සිට වයස 18 සම්පූර්ණ කළ සියලු ම දෙනාට බදු ගොනුවක් ආරම්භ කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, අලුතෙන් බදු ගොනු විවෘත කිරීමට ඇතුළත්වන පාර්ශවවල පහසුව සඳහා ඔවුන්ට උපදෙස් ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් වෙනම සම්බන්ධීකරණ මැදිරියක් ආරම්භ කිරීමට නියමිත බවයි

    බදු පිළිබඳ භීතිය තුරන් කිරීම සඳහා රජය කටයුතු කරනවා. අලුතෙන් බදු ගොනු විවෘත කරන පාර්ශව සිය ආදායම් සහ වියදම් හෙළි කළ යුත්තේ 2022 - 23 වසරෙවලට අදාළව පමණයි. එසේ ම ඉතිහාසයේ ආදායම් පිළිබඳ තොරතුරු මේ සඳහා සලකා බලන්නේ නැහැ.

    සියලුම දේශපාලනඥයන් සහ කාර්ය මණ්ඩලය සඳහා ද බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරනවා. ඔවුන්ගෙන් නාම යෝජනා භාර ගැනීමේ දී වත්කම් ප්‍රකාශය සේම ම බදු ගොනුවක් පවත්වාගෙන යාම අනිවාර්ය කිරීම පිළිබඳ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් යැයි පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya