මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි

    ජූනි 09, 2023

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

    එසේම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමාඑන අතර එහි වේගය පැයට කිලෝමීටර් 25-35 අතර වේ.

    පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේවේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැවිවිය හැකියි. එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර්40-50 දක්වා වැඩිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දේ.

    එසේම පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළුවිය හැකි වේ. තවද පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 2.5 දක්වා ඉහළ යාහැකියි. ගිගිරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවිය හැකිබවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya